Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 24:18 - Sinhala Revised Old Version

18 ඒදොම් උරුමයක් වන්නේය, සේයිර්ද තමාගේ සතුරන්ට උරුමයක් වන්නේය; ඉශ්‍රායෙල්ද බලවන්තකම් කරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඒදොම් පරාජිත රටක් වේ; සේයිර් ද පරාජිත රටක් වේ; ඉශ්රායෙල් රට ජයග්‍රාහී වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඒදොම් පරාජිත රටක් වේ; සේයිර් ද පරාජිත රටක් වේ; ඉශ්රායෙල් රට ජයග්‍රාහී වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 24:18
15 හුවමාරු යොමු  

වැටී තිබෙන දාවිත්ගේ මණ්ඩපය මම ඒ කාලයේදී පිහිටුවා, එහි කපොලු අහුරා, කඩාදමා තිබෙන දේද පිහිටුවා, පුරාණයේ දවස්වල මෙන් ඒක ගොඩනගන්නෙමියි මෙය කරන ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔහු ඒදොම්හි හැම තැනම මුරකාර සමුදාවල් තැබුවේය, සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජයදුන්සේක.


මනුෂ්‍ය වර්ගයෝ නුඹට සේවය කෙරෙත්වා, ජාතීහු නුඹ බැහැදකිත්වා. නුඹේ සහෝදරයන් කෙරෙහි ස්වාමියෙක් වෙන්න, නුඹේ මෑණියන්ගේ පුත්‍රයෝ නුඹ බැහැදකිත්වා. නුඹට ශාපකරන සියල්ලෝ ශාප කරනු ලබත්වා, නුඹට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාද කරනු ලබත්වයි කීය.


ඒදොමේ සිට දීප්තිමත් රතු ඇඳුම් ඇතුව, තමාගේ වස්ත්‍රවලින් ඉසුරුමත්ව, තමාගේ මහත් බලයෙන් ගමන්කොට, බොශ්රායෙන් එන්නාවූ මේ තෙම කවුද? ධර්මිෂ්ඨකමින් කථාකරන්නාවූ ගළවන්ට බලවත්වූ මමය.


මක්නිසාද මාගේ කඩුව උදහසින් ස්වර්ගයෙහි නෑවී තිබේ. බලව, ඒක විනිශ්චය පිණිස ඒදොම පිටටත් මා විසින් ශාපයට කැපකළාවූ සෙනඟ පිටටත් බසින්නේය.


දෙවියන්වහන්ස, ඔබ අප ඉවතලූසේක, අප විසුරුවා දැමූසේක; ඔබ උදහස්වූසේක; අප පළමු ස්වභාවයට පැමිණෙවුව මැනව.


තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය.


නුඹේ කඩුව කරණකොටගෙන ජීවත්වන්නෙහිය, නුඹේ සහෝදරයාට මෙහෙකරන්නෙහිය; තවද නුඹ නිදහසට පැමුණුණාම ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන් ගසා දමන්නෙහියයි ඔහුට කීවේය.


ඒදොම්ද: නුඹ මාගේ රට මැදින් නොගිය යුතුය, ගියොත් මම නුඹට විරුද්ධව කඩුව ගෙන එන්නෙමියි ඔහුට කීවේය.


යාකොබ්ගෙන් කෙනෙක් රාජ්‍යය ලැබ නුවරින් ඉතුරුවෙන්නන් විනාශ කරන්නේයයි කීවේය.


ඒදොමෙන් ඉතිරිවූ කොට්ඨාසයද මාගේ නාමය දරන සියලු ජාතීන්ද ඔවුන් විසින් හිමිකරගන්න පිණිස,


බලව, මම නුඹ ජාතීන් අතරෙහි කුඩාකෙළෙමි. නුඹ ඉතා සුළුකොට සලකනු ලබයි.


තවද ස්වාමීන්වහන්සේ සාලමොන්ට විරුද්ධකාරයෙකු කොට ඒදොමිය හදද් නැගිටෙවුසේක. ඔහු ඒදොම් රජ වංශයේ කෙනෙකි.


එනම් දාවිත් ඒදොම්හි සිටිද්දී ඒදොම්හි සියලු පිරිමින් මරාදැමුවායින් පසු සේනාපතිවූ යෝවාබ් මැරුම්කෑ තැනැත්තන් තැන්පත් කරන පිණිස ගිය කල මෙසේ විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්