Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 24:13 - Sinhala Revised Old Version

13 ස්වාමීන්වහන්සේ කියන දේම කියන්නෙමියි කියාද, නුඹ මා වෙත එවූ නුඹේ දූතයන්ට නොකීයෙම්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 “බාලාක් තම රාජ මාලිගය පුරවා රන් රිදී මට දෙතත්, මා සිතන පරිදි හොඳ හෝ නරක හෝ කිරීමට සමිඳාණන් වහන්සේගේ අණ ඉක්මවා යන්නට බැරි බවත්, උන් වහන්සේ කියන දේ පමණක් මා කතා කරන බවත් මම නොකීවෙම් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 “බාලාක් තම රාජ මාලිගය පුරවා රන් රිදී මට දෙතත්, මා සිතන පරිදි හොඳ හෝ නරක හෝ කිරීමට සමිඳාණන් වහන්සේගේ අණ ඉක්මවා යන්නට බැරි බවත්, උන් වහන්සේ කියන දේ පමණක් මා කතා කරන බවත් මම නොකීවෙම් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 24:13
6 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ රාත්‍රියෙහි බාලාම් වෙතට අවුත් ඔහුට කථාකොට: ඒ මනුෂ්‍යයෝ නුඹ කැඳවන පිණිස අවුත් සිටිත්නම් නැගිට ඔවුන් සමඟ යන්න; එසේවී නුමුත් මා නුඹට කියන වචනය පමණක්ම කරන්නැයි කීසේක.


බාලාම් බාලාක්ගේ සේවකයන්ට උත්තරදෙමින්: බාලාක් තමාගේ ගෙය පුරවා රන් රිදී මට දෙතත් අඩුව හෝ වැඩිව හෝ කරන්ට මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ වචනය ඉක්මවා යා නොහැක්කෙමි.


මෝසෙස්ද: මේ සියලු ක්‍රියා කරන පිණිස ස්වාමීන්වහන්සේ මා එවු බව මෙයින් නුඹලා දැනගන්නහුය; මක්නිසාද ඒවා මාගේම කල්පනාවෙන් නොකෙළෙමි.


දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා: නුඹේ ගෙයින් දෙකෙන් පංගුවක් මට දෙතත් මම නුඹ සමඟ එහි නොයමි, මේ ස්ථානයේදී මා විසින් කෑම කන්නේවත් වතුර බොන්නේවත් නැත.


මීකායා: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ස්වාමීන්වහන්සේ මට කියන දෙයම කථාකරන්නෙමියි කීවේය.


ඔහු ඔවුන්ට කථාකොට: අද රාත්‍රියේ මෙහි නවතින්න. ස්වාමීන්වහන්සේ මට කියන හැටියට නුඹලාට උත්තරදෙන්නෙමියි ඔවුන්ට කීවේය. එසේ මෝවබ්හි අධිපතියෝ බාලාම් වෙත නැවතුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්