Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 24:11 - Sinhala Revised Old Version

11 එබැවින් නුඹේ ස්ථානයට දුවන්න. මම නුඹ මහත් ගෞරවයට පමුණුවන්ට සිතීමි; එහෙත් ස්වාමීන්වහන්සේ ගෞරවයට පැමිණීමෙන් නුඹ වැලැක්වූසේකැයි බාලාම්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එබැවින් දැන් ඉතින් ඔබේ ගෙදරට වහා පලා යන්න. මා සිතාගෙන සිටියේ ඔබට බොහෝ ගරු සම්මාන දීමට ය. එහෙත් සමිඳාණන් වහන්සේ එසේ කිරීමෙන් මා වැළැක්වූ සේකැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එබැවින් දැන් ඉතින් ඔබේ ගෙදරට වහා පලා යන්න. මා සිතාගෙන සිටියේ ඔබට බොහෝ ගරු සම්මාන දීමට ය. එහෙත් සමිඳාණන් වහන්සේ එසේ කිරීමෙන් මා වැළැක්වූ සේකැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 24:11
10 හුවමාරු යොමු  

මක්නිසාද මම නුඹ ඉතා මහත් ගෞරවයට පමුණුවන්නෙමි, නුඹ මට කියන කොයි දෙයක් නුමුත් කරන්නෙමි. එබැවින් අවුත් මේ සෙනඟට මා උදෙසා ශාපකරන ලෙස නුඹෙන් ඉල්ලමියි කියන්නේයයි ඔහුට කීවෝය.


ඔහු බාලාම්ට කථාකොට: මම ඕනෑකමින් නුඹට එන්ට කියා නෑරියෙම්ද? නුඹ මා වෙතට නාවේ මක්නිසාද? සැබවින් නුඹ ගෞරවයට පමුණුවන්ට මට බැරිදැයි ඔහුට කීවේය.


අප විසින් කළ දේ නුඹලාට නැති නොවන ලෙසත් සම්පූර්ණවූ විපාකයක් නුඹලාට ලැබෙන ලෙසත් නුඹලාම බලාගන්න.


එසේය, මාගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳිනගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැතිවී ගියා පමණක් නොව; ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිසත්,


නුමුත් පේතෘස් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගන්ට නුඹ සිතූ බැවින් නුඹේ මිල නුඹ සමඟ විනාශවේවා.


එවිට බාලාක්ගේ කෝපය බාලාම්ට විරුද්ධව ඇවුළුණේය, ඔහු තමාගේ අත් එකට ගසා: මාගේ සතුරන්ට ශාපකරන පිණිස නුඹ කැඳවාගතිමි, එහෙත් නුඹ දැන් තුන් වරක් ඔවුන්ට ආශීර්වාද කෙළෙහිය.


බාලාම්ද: බාලාක් තමුන් ගෙය පුරවා රන් රිදී මට දෙතත් මාගේම සිතින් යහපතවත් අයහපතවත් කිරීම පිණිස ස්වාමීන්වහන්සේගේ වචනය ඉක්මවායන්ට නොහැක්කෙමියි කියාද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්