Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 23:4 - Sinhala Revised Old Version

4 දෙවියන්වහන්සේ බාලාම්ට සම්මුඛවූසේක. ඔහුද: මම පූජාසන සත පිළියෙළකොට එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් ඔප්පු කෙළෙමියි උන්වහන්සේට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එහි දී දෙවියන් වහන්සේ ඔහුට හමු වූ විට ඔහු උන් වහන්සේ අමතා, “මම පූජාසන හතක් තනා ඒ එක එක මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එහි දී දෙවියන් වහන්සේ ඔහුට හමු වූ විට ඔහු උන් වහන්සේ අමතා, “මම පූජාසන හතක් තනා ඒ එක එක මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 23:4
12 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ බාලාම්ට සම්මුඛවී ඔහුගේ මුඛයෙහි වචනයක් තබා: නුඹ බාලාක් වෙතට හැරී ගොස් එසේ කියන්නැයි කීසේක.


කිසිවෙක් පාරට්ටුකර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ.


සතියකට දෙවරක් නිරාහාරයෙන් සිටිමි; මට ලැබෙන සියල්ලෙන් දසයෙන් කොටස දෙමියි කීවේය.


එසේවී නම් පාරට්ටුකර ගැනීම කොයිද? එය බැහැරකරනලද්දේය. කෙබඳු ව්‍යවස්ථාවකින්ද? ක්‍රියාවල ව්‍යවස්ථාවෙන්ද? නැත; ඇදහීමේ ව්‍යවස්ථාවකින්ය.


ඔව්හු සිනගෝගවලින් නුඹලා අහක්කරන්නෝය. එසේය, නුඹලා මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් දෙවියන්වහන්සේට කරන මෙහෙයක්යයි සිතන කාලය පැමිණෙන්නේය.


මේ අන්තිමයෝ එක පැයක් පමණ වැඩකළෝය, නුමුත් ඔබ දවසේ බරත් අව්රස්නයත් දැරුවාවූ අපට ඔවුන් සමානකෙළෙහියයි කීවෝය.


බාලාම් තෙමේ බාලාක්ට කථාකොට: මෙහි මට පූජාසන සතක් ගොඩනගා ගොන් සත්දෙනෙක්ද බැටළුවන් සත්දෙනෙක්ද පිළියෙළ කරන්නැයි කීවේය. බාලාක් තෙමේ බාලාම් කී ලෙස කෙළේය;


දෙවියන්වහන්සේ රාත්‍රියෙහි බාලාම් වෙතට අවුත් ඔහුට කථාකොට: ඒ මනුෂ්‍යයෝ නුඹ කැඳවන පිණිස අවුත් සිටිත්නම් නැගිට ඔවුන් සමඟ යන්න; එසේවී නුමුත් මා නුඹට කියන වචනය පමණක්ම කරන්නැයි කීසේක.


දෙවියන්වහන්සේ බාලාම් වෙතට අවුත්: නුඹ සමඟ සිටින මේ මනුෂ්‍යයෝ කවුරුදැයි ඇසූසේක.


බාලාම් බාලාක්ට කථාකොට: නුඹ නුඹේ දවන පූජාව ළඟ සිටින්න, මම යන්නෙමි; සමහරවිට ස්වාමීන්වහන්සේ මා සම්මුඛවෙන්ට එනසේක. උන්වහන්සේ මට පෙන්වන කොයි දෙයක් නුමුත් නුඹට දන්වන්නෙමියි කියා මුඩු හෙලකට ගියේය.


ස්වාමීන්වහන්සේ බාලාම්ගේ මුඛයෙහි වචනයක් තබා: බාලාක් වෙතට හැරී ගොස් එසේ කියන්නැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්