Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 23:3 - Sinhala Revised Old Version

3 බාලාම් බාලාක්ට කථාකොට: නුඹ නුඹේ දවන පූජාව ළඟ සිටින්න, මම යන්නෙමි; සමහරවිට ස්වාමීන්වහන්සේ මා සම්මුඛවෙන්ට එනසේක. උන්වහන්සේ මට පෙන්වන කොයි දෙයක් නුමුත් නුඹට දන්වන්නෙමියි කියා මුඩු හෙලකට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඉන්පසු බාලාම්, බාලාක් අමතමින්, “ඔබ ඔබේ දවන යාග පූජාව ළඟ සිටින්න. මම යන්නෙමි. ඇතැම් විට සමිඳාණන් වහන්සේ මා හමුවීමට එනු ඇත. උන් වහන්සේ මට යමක් වදාරන සේක් ද, මම එය ඔබට දන්වන්නෙමි”යි පැවසී ය. මෙසේ පවසා, ඔහු ගිරිකුළකට නැංගේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඉන්පසු බාලාම්, බාලාක් අමතමින්, “ඔබ ඔබේ දවන යාග පූජාව ළඟ සිටින්න. මම යන්නෙමි. ඇතැම් විට සමිඳාණන් වහන්සේ මා හමුවීමට එනු ඇත. උන් වහන්සේ මට යමක් වදාරන සේක් ද, මම එය ඔබට දන්වන්නෙමි”යි පැවසී ය. මෙසේ පවසා, ඔහු ගිරිකුළකට නැංගේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 23:3
16 හුවමාරු යොමු  

ඔහු බාලාක්ට කථාකොට: මෙහි නුඹේ දවන පූජාව ළඟ සිටින්න, මම අරෙහේ ස්වාමීන්වහන්සේ සම්මුඛවන්නෙමියි කීවේය.


එවිට ඉශ්‍රායෙල්ට ආශීර්වාදකිරීමට ස්වාමීන්වහන්සේ ප්‍රසන්න බව බාලාම් දුටු කල වෙන වතාවල මෙන් මායම් කරන්ට නොගොස් තමාගේ මුහුණ කාන්තාරය දෙසට හරවා ගත්තේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට හඬගසා සම්මුඛවීමේ කූඩාරමේ සිට ඔහුට කථාකොට:


ආබ්‍රහම් ඇස් ඔසවා බැලූ විට, බලව, තමා පිටිපස බැටළුවෙක් උගේ අංවලින් අකුලේ පටලැවී සිටිනවා දුටුයේය. එවිට ආබ්‍රහම් ගොස් ඒ බැටළුවා රැගෙන තමාගේ පුත්‍රයා වෙනුවට දවන පූජාවක් කොට ඔප්පුකෙළේය.


උන්වහන්සේ: නුඹේ පුත්‍රවූ නුඹ ප්‍රේමකරන නුඹේ එකම පුත්‍රවූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස්, මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පුකරවයි කීසේක.


නෝවා ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා සියලු පවිත්‍ර සිව්පාවුන්ගෙන්ද සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද රැගෙන පූජාසනය පිට දවන පූජා පිදුවේය.


මෝසෙස්ගේ මාමාවූ යෙත්‍රෝ දෙවියන්වහන්සේට දවන පූජාවක්ද යාගද ගෙනායේය. ආරොන්ද ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලෝද මෝසෙස්ගේ මාමා සමඟ දෙවියන්වහන්සේ ඉදිරියෙහි කෑම කන පිණිස ආවෝය.


නැවතත් යක්ෂයා උන්වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා, ලෝකයේ සියලු රාජ්‍යයන්ද එහි ඓශ්චර්යයද උන්වහන්සේට පෙන්වා:


බාලාක් සහ බාලාම් එක එක පූජාසනය පිට ගොනෙකු සහ බැටළුවෙකු බැගින් ඔප්පු කළෝය.


දෙවියන්වහන්සේ බාලාම්ට සම්මුඛවූසේක. ඔහුද: මම පූජාසන සත පිළියෙළකොට එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් ඔප්පු කෙළෙමියි උන්වහන්සේට කීවේය.


ඔහු උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ මාගේ මුඛයෙහි තබන දේම කියන්ට මා විසින් බලාගත යුතු නොවේදැයි කීවේය.


එහෙත් බාලාම් බාලාක්ට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ මට කියන සියල්ල මා විසින් කළ යුතුයයි නුඹට නොකීයෙම්දැයි කීවේය.


එහෙත් මා බාලාම්ට ඇහුම්කන්දෙන්ට නොකැමැතිවූ හෙයින් ඔහු නුඹලාට ආශීර්වාදම කෙළේය. මෙසේ මම ඔහුගේ අතින් නුඹලා ගැළවීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්