Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 22:41 - Sinhala Revised Old Version

41 තවද පසුව දා උදේ බාලාක් බාලාම් කැඳවාගෙන බාල්ගේ උස් තැන්වලට ගියේය, එහි සිට ඔහු කෙළවර දක්වාම සෙනඟ දිටීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 පසු දින උදය බාලාක් බාලාම් කැඳවාගෙන බාමොත්-බාල් නම් ගිරිකුළට ගියේ ය. එහි දී ඉශ්රායෙල් සෙනඟගෙන් කොටසක් බාලාම්ට දකින්නට පුළුවන් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 පසු දින උදය බාලාක් බාලාම් කැඳවාගෙන බාමොත්-බාල් නම් ගිරිකුළට ගියේ ය. එහි දී ඉශ්රායෙල් සෙනඟගෙන් කොටසක් බාලාම්ට දකින්නට පුළුවන් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 22:41
9 හුවමාරු යොමු  

බාලාක් ඔහුට කථාකොට: ඔවුන් දකින්ට පුළුවන් අන් තැනකට මා සමඟ එන්න; නුඹ ඔවුන් සියල්ලන් නොදැක ඔවුන්ගේ ඉතා ඈත කොටස පමණක් දක්නෙහිය. එහි සිට මා උදෙසා ඔවුන්ට ශාප කරන්නැයි කියා,


තවද උස ස්ථානයෙහි පූජාකරන්නාද තමාගේ දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකරන්නාද මෝවබ් කෙරෙන් නැතිකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


තවද ඔහු තමා විසින් සෑදූ උස්තැන්වලටත් එළුවන්ටත් වස්සන්ටත් පූජකයන් පත්කරගත්තේය.


නුඹලා පන්නා දමන ජාතීන් විසින් උස් කඳු පිටද හෙල් පිටද සියලු අමු ගස් යටද තමුන්ගේ දෙවිවරුන්ට සේවය කළාවූ සියලු ස්ථාන විනාශකොට,


මක්නිසාද හෙෂ්බොන් සිට ගින්නක්ද සීහොන් නුවරින් ගිනිදැලක්ද නික්මගියේය. එය මෝවබ්හි ආර්ද අර්ණොන් උස්තැන්වල ස්වාමිවරුන්ද දවා දැමීය.


බාලාක් ගවයන් හා බැටළුවන් පූජාකොට බාලාම්ටද ඔහු සමඟ සිටි අධිපතීන්ටද කොටස් යැවීය.


බාලාම් තෙමේ බාලාක්ට කථාකොට: මෙහි මට පූජාසන සතක් ගොඩනගා ගොන් සත්දෙනෙක්ද බැටළුවන් සත්දෙනෙක්ද පිළියෙළ කරන්නැයි කීවේය. බාලාක් තෙමේ බාලාම් කී ලෙස කෙළේය;


තවද ඔවුන් තමුන්ගේ පුත්‍රයන් බාල්ට දවන පූජා කොට ගින්නෙහි පුලුස්සන පිණිස බාල්ට උස්තැන් ගොඩනගා තිබේ. මා එය අණකළේවත් කීවේවත් එය මාගේ සිතට පැමුණුණේවත් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්