Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 22:31 - Sinhala Revised Old Version

31 ඔහු: නැතැයි කීවේය. එවිට ස්වාමීන්වහන්සේ බාලාම්ගේ ඇස් ඇරෙවුසේක, ඔහු ස්වාමීන්වහන්සේගේ දූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටිනවා දැක හිස නමා මුහුණින් වැටුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එවිට සමිඳාණන් වහන්සේ ඔහුගේ ඇස් පැහැදූ සේක. උන් වහන්සේගේ දූතයා අතේ කඩුවක් ඇති ව පාර හරහා සිටිනු ඔහු දිටී ය. ඔහු ද හිස නමා ආචාර කොට, මුණින්තලා වැටිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එවිට සමිඳාණන් වහන්සේ ඔහුගේ ඇස් පැහැදූ සේක. උන් වහන්සේගේ දූතයා අතේ කඩුවක් ඇති ව පාර හරහා සිටිනු ඔහු දිටී ය. ඔහු ද හිස නමා ආචාර කොට, මුණින්තලා වැටිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 22:31
14 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ ඇගේ ඇස් ඇරෙවූසේක, එවිට ඈ වතුර ඇති ළිඳක් දැක එහි ගොස් භාජනයට වතුර පුරවාගෙන ළමයාට බොන්නට දුන්නාය.


ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතටද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පහදවන්ට ඔවුන් වෙතට නුඹ යවමියි කීසේක.


එකල ඔවුන්ගේ ඇස් ඇරී ඔව්හු උන්වහන්සේ ඇඳිනගත්තෝය; එවිට උන්වහන්සේ ඔවුන්ට නොපෙනී ගියසේක.


නුමුත් ඔවුන් උන්වහන්සේ නාඳුනන ලෙස ඔවුන්ගේ ඇස් බැඳී තිබුණේය.


ඒ මමයයි යේසුස්වහන්සේ ඔවුන්ට කී කල්හි, ඔව්හු පස්සෙන් පස්සට ගොස් බිම වැටුණෝය.


ස්වාමිනි, ඔවුන්ට භය පැමිණෙවුව මැනව, ජාතීහු තමුන් මනුෂ්‍යයන් පමණක් බව දැනගනිත්වා.


දාවිත් තමාගේ ඇස් ඔසවා ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ කඩුව ඇද යෙරුසලම කෙරෙහි දිගුකරගන පොළොවටත් අහසටත් අතරේ සිටිනවා දුටුවේය. එවිට ගෝණි රෙදි ඇඳගන සිටි දාවිත්ද වැඩිමහල්ලෝද මුහුණින් වැටුණෝය.


දෙවියන්වහන්සේගේ වචන අසන්නාවූ, මහෝත්තමයාණන් ගැන දැනගැන්ම ඇත්තාවූ, වැටී ඉඳ පැහැදුණු ඇස් ඇතුව සර්වපරාක්‍රමයාණන්ගේ දර්ශනය දකින්නාවූ තැනැත්තාගේ කීම මෙසේය:


දෙවියන්වහන්සේගේ වචන අසන්නාවූ, වැටී ඉඳ පැහැදුණු ඇස් ඇතුව සර්වපරාක්‍රමයාණන්ගේ දර්ශනය දකින්නාවූ තැනැත්තාගේ කීම මෙසේය:


මෝසෙස්ද ඉක්මන්කොට තමන් හිස බිමට නමා වැන්දේය.


කොටළුදෙන: මම ඔබගේ මුළු ජීවිතයේ අද දක්වා ඔබ නැගීගිය ඔබගේ කොටළුදෙන නොවෙම්ද? ඔබට මෙසේ කරන්ට කවදාවත් පුරුදුව සිටියෙම්දැයි බාලාම්ට කීවාය.


තවද යෝෂුවා යෙරිකෝව ළඟ සිටියදී තමාගේ ඇස් ඔසවා බැලූ කල, තමා ඉදිරිපිට මනුෂ්‍යයෙක් ඇදගත් කඩුවක් අතේ ඇතුව සිටිනවා දුටුවේය. යෝෂුවා ඔහු ළඟට ගොස්: නුඹ අපේ පැත්තටද නොහොත් අපේ විරුද්ධකාරයන්ගේ පැත්තටදැයි ඔහුගෙන් ඇසුවේය.


ඒ තෙමේද: එසේ නොවෙයි; මම දැන් ස්වාමීන්වහන්සේගේ සේනාවේ අධිපතියාව ආවෙමියි කීවේය. එවිට යෝෂුවා මුහුණින් බිම වැටී නමස්කාරකොට: මාගේ ස්වාමීන්වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කුමක් කියනසේක්දැයි ඇසීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්