Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 22:28 - Sinhala Revised Old Version

28 එවිට ස්වාමීන්වහන්සේ කොටළුදෙනගේ මුඛය ඇරෙවුසේක, ඈද: මේ තුන් වරක්ම මට ගැසීමට මම ඔබට කුමක් කෙළෙම්දැයි බාලාම්ට කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 එවිට සමිඳාණන් වහන්සේ කොටළුවාට කතා කිරීමේ බලය දුන් සේක. ඌ බාලාම්ට කතා කොට, “ඔබ මට තුන් වතාවක් ම පහර දුන්නේ මා ඔබට කුමන වරදක් කළ නිසා දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 එවිට සමිඳාණන් වහන්සේ කොටළුවාට කතා කිරීමේ බලය දුන් සේක. ඌ බාලාම්ට කතා කොට, “ඔබ මට තුන් වතාවක් ම පහර දුන්නේ මා ඔබට කුමන වරදක් කළ නිසා දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 22:28
6 හුවමාරු යොමු  

නුමුත් ඔහු තමාගේම අපරාධය ගැන තරවටුකරනු ලැබුවේය. ගොළු කොටළුවෙක් මනුෂ්‍ය හඬින් කථාකොට අනාගතවක්තෘගේ උමතුව වැලැක්වූයේය.


මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය.


එවිට ස්වාමීන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ කවුද? නොහොත් ගොළුවෙක් හෝ බිහිරෙක් කොට මනුෂ්‍යයෙකු මවන්නෙත් යමෙකුට පෙනෙන්ට හෝ අන්ධවෙන්ට හෝ සලස්වන්නෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවේද?


ඒ හැටියට: මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති කරන්නෙමි, බුද්ධිමත් අයගේ බුද්ධිය පහකරන්නෙමියි ලියා තිබේ.


මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමුව.


බාලාම්ද: තී මට සරදම්කළ නිසාය. මාගේ අතේ කඩුවක් තිබුණේවී නම් මා විසින් මෙලහට තී මැරුවා නොවේදැයි කොටළුදෙනට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්