Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 22:22 - Sinhala Revised Old Version

22 ඔහු ගිය නිසා දෙවියන්වහන්සේගේ උදහස ඇවුළුණේය. ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට විරුද්ධකාරයෙක්ව මාර්ගයෙහි සිටගත්තේය. ඔහු තමාගේ කොටළුදෙන පිට නැගී උන්නේය, ඔහුගේ මෙහෙකරුවෝ දෙදෙනා ඔහු සමඟ සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 බාලාම් මෙසේ ගිය බැවින් දෙවියන් වහන්සේගේ උදහස ඇවිළිණි. ඔහු තම කොටළුවා පිට නැඟී ගියේ ය. ඔහු සමඟ මෙහෙකරුවෝ දෙදෙනෙක් ද වූ හ. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අවහිර කරමින් පාර හරහා සිටගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 බාලාම් මෙසේ ගිය බැවින් දෙවියන් වහන්සේගේ උදහස ඇවිළිණි. ඔහු තම කොටළුවා පිට නැඟී ගියේ ය. ඔහු සමඟ මෙහෙකරුවෝ දෙදෙනෙක් ද වූ හ. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අවහිර කරමින් පාර හරහා සිටගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 22:22
11 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට කථාකොට: නුඹේ කොටළුදෙනට නුඹ මේ තුන් වරක්ම ගැසුවේ මක්නිසාද? නුඹේ මාර්ගය මා ඉදිරියෙහි ඇදව තිබෙන නිසා විරුද්ධකාරයෙක් මෙන් මෙහි ඇවිත් සිටිමි.


මාර්ගයෙහි නවාතැනේදී ස්වාමීන්වහන්සේ ඔහුට සම්බව ඔහු මරන්ට සෑදූසේක.


උන්වහන්සේ සතුරෙකු මෙන් තමන් දුන්න තැත්කැවූසේක, එදිරිකාරයෙකු මෙන් සිය දකුණත ඔසවා, ඇසට ප්‍රියවූ සියල්ලන් නැසූසේක. සියොන් දුවගේ කූඩාරමෙහි ගින්නක් මෙන් තමන් කෝපය වැගිරෙවුසේක.


ස්වාමීන්වහන්සේද: ඔහුට යෙස්‍රෙයෙල් යන නම තබන්න; මක්නිසාද තව ස්වල්ප කාලයකින් යෙස්‍රෙයෙල්හි ලේ ගැන යේහුගේ වංශයට දඬුවම්කොට, ඉශ්‍රායෙල් වංශයේ රාජ්‍යය නැතිකරන්නෙමි.


තවද යේහු: බාල් උදෙසා ශුද්ධ රැස්වීමක් නියමකරන්නැයි කීවේය. ඔව්හු එසේ ප්‍රසිද්ධකළෝය.


ස්වාමීන්වහන්සේගේ දූතයා: ඒ මනුෂ්‍යයන් සමඟ යන්න. එහෙත් මා විසින් නුඹට කියන වචනය පමණක් නුඹ විසින් කිය යුතුයයි බාලාම්ට කීවේය. මෙසේ බාලාම් බාලාක්ගේ අධිපතීන් සමඟ ගියේය.


බලව, මාර්ගයෙහි නුඹ ආරක්ෂාකරන පිණිසද මා විසින් පිළියෙළකළ ස්ථානයට නුඹ පමුණුවන පිණිසද නුඹට පෙරටුව දූතයෙකු යවමි.


කොටළුදෙන ස්වාමීන්වහන්සේගේ දූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටින බව දැක මගින් ඉවත්ව කෙතට ගියාය. බාලාම් කොටළුදෙන මගට හරවන පිණිස ඈට ගැසීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්