Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 22:12 - Sinhala Revised Old Version

12 දෙවියන්වහන්සේ: ඔවුන් සමඟ නොයන්න; ඒ සෙනඟට ශාප නොකරන්න. මක්නිසාද ඔව්හු ආශීර්වාදලත් සෙනඟක් යයි බාලාම්ට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එවිට දෙවියන් වහන්සේ බාලාම්ට කතා කොට, “නුඹ ඔවුන් සමඟ නොයා යුතු ය. ඒ සෙනඟට සාප නොකළ යුතු ය. මන්ද, ඒ සෙනඟ ආසිරි ලත් සෙනඟක් ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එවිට දෙවියන් වහන්සේ බාලාම්ට කතා කොට, “නුඹ ඔවුන් සමඟ නොයා යුතු ය. ඒ සෙනඟට සාප නොකළ යුතු ය. මන්ද, ඒ සෙනඟ ආසිරි ලත් සෙනඟක් ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 22:12
27 හුවමාරු යොමු  

අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස,


එසේ වුවත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ප්‍රේමකළ බැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බාලාම්ට ඇහුම්කන් නොදී ඒ ශාපය ආශීර්වාදයකට හැරෙවුසේක.


මක්නිසාද දෙවියන්වහන්සේගේ දීමනාද කැඳවීමද වෙනස් නොවන්නේය.


මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න.


එම්බා ඉශ්‍රායෙල්, නුඹ වාසනාවන්තය. ස්වාමීන්වහන්සේ විසින් මුදන ලද සෙනඟක්වූ නුඹට සමාන කවුද? උන්වහන්සේ නුඹට උපකාර කරන පලිහත් නුඹේ මහිමයේ කඩුවත්ය. නුඹේ සතුරෝ නුඹට යටත් වන්නෝය; නුඹද ඔවුන්ගේ උසස්ථාන පාගන්නෙහියයි කීය.


තවද ඔහු විනිශ්චයාසනයෙහි හිඳිද්දී ඔහුගේ භාර්යාව: ඒ ධර්මිෂ්ඨයාට කිසිවක් නොකරන්න. අද ඔහු නිසා ස්වප්නයකින් බොහෝ දුක් වින්දෙමියි ඔහුට කියා ඇරියාය.


මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජවූ බාලාක් මන්ත්‍රණයකළේ කුමක්ද කියාත් බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම් ඔහුට දුන් උත්තර මොනවාද කියාත් ෂිට්ටීම්හි සිට ගිල්ගාල් දක්වා සිද්ධවුණේ මොනවාද කියාත් ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨකම් දැනගන්න පිණිස සිහිකරන්න.


යාකොබ්ගේ දෙවියන්වහන්සේ උපකාරකොට ඇත්තාවූ, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තාවූ තැනැත්තේ වාසනාවන්තය.


එකල්හි ඒ ආකාර සෙනඟ වාසනාවන්තයෝය. එසේය, ස්වාමීන්වහන්සේ තමුන්ගේ දෙවියන්වහන්සේ කොට ගත් සෙනඟ වාසනාවන්තයෝය.


සැබවින් යාකොබ්ට විරුද්ධව ශාස්ත්‍රකීමක්වත් ඉශ්‍රායෙල්ට විරුද්ධව පේනකීමක්වත් නැත. දැනුදු යාකොබ් සහ ඉශ්‍රායෙල් ගැන: දෙවියන්වහන්සේ කොපමණ දේ ඉෂ්ටකර තිබේද! කියා කියනු ලැබේ.


බාලාම් බාලාක්ට කථාකොට: නුඹ නුඹේ දවන පූජාව ළඟ සිටින්න, මම යන්නෙමි; සමහරවිට ස්වාමීන්වහන්සේ මා සම්මුඛවෙන්ට එනසේක. උන්වහන්සේ මට පෙන්වන කොයි දෙයක් නුමුත් නුඹට දන්වන්නෙමියි කියා මුඩු හෙලකට ගියේය.


එබැවින් දැන් ඇවිත් මා වෙනුවෙන් මේ සෙනඟට ශාපකළ මැනවි; මක්නිසාද ඔව්හු මට වඩා බලවත්ය. සමහරවිට ඔවුන්ට පහරදී ඔවුන් දේශයෙන් පන්නාදමන්ට මට පුළුවන්වන්නේය. මක්නිසාද නුඹ ආශීර්වාදකරන තැනැත්තා ආශීර්වාද ලබන බවත් නුඹ ශාපකරන තැනැත්තා ශාප ලබන බවත් දනිමියි කියන්ට කීවේය.


බලව, මිසරයෙන් ආ සෙනඟ පොළෝතලය වසාගෙන සිටිති. දැන් ඇවිත් මා උදෙසා ඔවුන්ට ශාපකරන්න; සමහරවිට ඔවුන්ට විරුද්ධව යුද්ධ කොට ඔවුන් පන්නාහරින්ට හැකිවන්නෙමියි කියා එවා තිබේයයි දෙවියන්වහන්සේට කීවේය.


බාලාම් උදය නැගිට බාලාක්ගේ අධිපතීන්ට කථාකොට: නුඹලාගේ දේශයට යන්න. මක්නිසාද නුඹලා සමඟ යන්ට ස්වාමීන්වහන්සේ මට ඉඩ නොදෙනසේකැයි කීවේය.


දෙවියන්වහන්සේ ශාපනොකළ අයට මම කෙලෙස ශාපකරම්ද? ස්වාමීන්වහන්සේ දෙස් නොකිවු අයට කෙලෙස දෙස් කියම්ද?


ඔහු නැමී හුන්නේය, සිංහයෙකු මෙන්ද සිංහධේනුවකු මෙන්ද වැතුරුණේය; ඔහු නැඟුටුවන්නේ කවුද? නුඹට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාදකරනු ලබත්වා, නුඹට ශාපකරන සියල්ලෝ ශාපකරනු ලබත්වයි කීවේය.


මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ අත්වැඩ සියල්ලෙහිදී නුඹට ආශීර්වාදකළසේක. නුඹ මේ මහත් කාන්තාරය මැදින් ගමන් කළ හැටි උන්වහන්සේ දන්නාසේක. මේ සතළිස් අවුරුද්දක්ම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වූසේක. නුඹට කිසි හිඟයක් නොවීයයි කියන්නැයි කීසේක.


නුඹ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා ආශීර්වාද ලබනවා ඇත. නුඹලා අතරෙහිද නුඹලාගේ සිව්පාවුන් අතරෙහිද පිරිමියෙක්වත් ගැහැනියෙක්වත් ගෑනු සතෙක්වත් වඳ නොවෙයි.


නුඹ ඇතුළට එන කල්හිද පිටතට යන කල්හිද ආශීර්වාද ලද්දෙක් වන්නෙහිය.


එවිට ශාදොක්ගේ වංශයේ උත්තම පූජකයාවූ අසරියා ඔහුට උත්තරදෙමින්: සෙනඟ ස්වාමීන්වහන්සේගේ ගෘහයට පඬුරු ගෙනෙන්ට පටන්ගත්දා සිට අපි සෑහෙන පමණ කා බොහෝ සෙයින් ඉතුරු කෙළෙමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟට ආශීර්වාදකළසේක; මේ රාශියද ඉතිරිවී තිබේයයි කීවෝය.


ඔවුන්ගේ වංශය ජාතීන් අතරේද ඔවුන්ගෙන් පැවතඑන්නෝ ජනයන් අතරේද ඇඳිනගනු ලැබෙත්. ඔවුන් ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාදලත් වංශය බව ඔවුන් දකින සියල්ලෝම දැනගන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්