Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 21:30 - Sinhala Revised Old Version

30 අපි ඔවුන්ට විද්දෙමුව; හෙෂ්බොන් දීබොන් දක්වාම නාස්තිවිය, නොඵා දක්වා පාළු කෙළෙමුව, මෙදීබා දක්වා ගිනි ඇවුළුණේයයි කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 හෙෂ්බොන් සිට දීබොන් දක්වා, නාෂිම් සිට මෙදිබා අසල නෝපා දක්වා, ඔවුන්ගේ පෙළපත වැනසී ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 හෙෂ්බොන් සිට දීබොන් දක්වා, නාෂිම් සිට මෙදිබා අසල නෝපා දක්වා, ඔවුන්ගේ පෙළපත වැනසී ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 21:30
13 හුවමාරු යොමු  

අහෝ දීබොන්හි වාසයකරන දියණිය, නුඹේ ඓශ්චර්යයෙන් හීනව බැස, පිපාසායෙන් හිඳගන්න; මක්නිසාද මෝවබ් නාස්තිකරන්නා නුඹට විරුද්ධව ඇවිත් නුඹේ බලකොටු විනාශකෙළේය.


අඬන පිණිස ඔහු ගෘහයටත් දීබොන්හි උස් තැන්වලටත් ගියේය. මෝවබ් වනාහි නෙබෝ සහ මේදෙබා ගැන කෑමොරගසයි. ඔවුන් සියල්ලන්ගේ ඉස් මුඩුකර තිබේ, සෑම රැවුල් කපා තිබේ.


දීබොන්ද නෙබෝද බෙත්-දිබ්ලාතයිම්ද,


හෙෂ්බොන් සහ ඊට අයිතිවූ තලාවේ තිබෙන සියලු නුවරවල් වන දීබොන්ද බාමොත්-බාල්ද බෙත්-බාල්-මෙයොන්ද,


ගාද් පුත්‍රයෝ දීබොන් සහ අතාරොත්ද අරෝයේර්ද;


ඉශ්‍රායෙල් සභාව ඉදිරිපිට ස්වාමීන්වහන්සේ පහර දුන් දේශය වන,


දීමොන්හි ජලවල් ලෙයින් පිරී තිබේ. මක්නිසාද දීමොන් පිටට තව විපත්ති පමුණුවන්නෙමි, ගැළවෙන මෝවබ්වරුන් පිටත් දේශයේ ඉතිරි අය පිටත් සිංහයෙකු පමුණුවන්නෙමි.


උන්වහන්සේ තමන් ඊගස් විද ඔවුන් විසිරවූසේක; එසේය, බොහෝ විදුළි එවා ඔවුන් පරාජයකළසේක.


එවිට දුනුවායෝ පවුරේ සිට ඔබගේ සේවකයන්ට විද්දෝය; රජ්ජුරුවන්ගේ සේවකයන්ගෙන් සමහරෙක් මළෝය, හිත්තීය උරියා නම්වූ ඔබගේ සේවකයාත් මළේයයි කීවේය.


දුනුවායෝ ඔහුට අතිශයින් හිංසාකොට ඔහුට විද ඔහුට පීඩාකළෝය.


මෙසේ ඉශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ දේශයෙහි වාසයකළෝය.


මෙසේ ඔව්හු රථ තිස් දෙදාහසක්ද මයකාහි රජුද ඔහුගේ සෙනඟද කුලියට ගත්තෝය; ඔව්හු ඇවිත් මේදෙබා ඉදිරිපිට කඳවුරු බැඳගත්තෝය.


එනම් අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද මිටියාවත මැද තිබෙන නුවර පටන්ද දීබොන් දක්වා තිබෙන මේදෙබාහි මුළු තලාවද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්