Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 21:28 - Sinhala Revised Old Version

28 මක්නිසාද හෙෂ්බොන් සිට ගින්නක්ද සීහොන් නුවරින් ගිනිදැලක්ද නික්මගියේය. එය මෝවබ්හි ආර්ද අර්ණොන් උස්තැන්වල ස්වාමිවරුන්ද දවා දැමීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 හෙෂ්බොනින් නික්ම ගිය ගින්න, සීහොන් නුවරින් නික්ම ගිය ගිනි දලුව, මෝවබ්හි ආර් ද අර්ණොන් ගිරිකුළු නායකයන් ද දවාදැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 හෙෂ්බොනින් නික්ම ගිය ගින්න, සීහොන් නුවරින් නික්ම ගිය ගිනි දලුව, මෝවබ්හි ආර් ද අර්ණොන් ගිරිකුළු නායකයන් ද දවාදැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 21:28
20 හුවමාරු යොමු  

ආර් නිවසෙ දෙසට හැරීයන්නාවූ, මෝවබ් සීමාවට යාවූ, මිටියාවත්වල බෑවුමයයි කියා තිබේ.


ඒ නිසා මම යෙරුසලමේ මාළිගා නාස්තිකරන ගින්නක් යූදාට එවන්නෙමි.


ඒ නිසා මම කෙරියොත් විනාශකරන ගින්නක් මෝවබ්ට අරින්නෙමි; මෝවබ්වරු කෝලාහලද ඝෝෂාවද හොරණෑ ශබ්දයද ඇතුව මැරෙන්නෝය.


ඒ නිසා යුද්ධ දවසේ ඝෝෂාවද සුළිහුළං දවසේ කුණාටුවද ඇතුව, රබ්බාහි මාළිගාව විනාශකරන ගින්නක් එහි පවුර පිට අවුළුවන්නෙමි.


ඒ නිසා මම බොශ්රාහි මාළිගා විනාශකරන ගින්නක් තේමාන්ට අරින්නෙමි.


ඒ නිසා මම තීර්හි මාළිගා විනාශකරන ගින්නක් එහි පවුර පිටට අරින්නෙමි.


ඒ නිසා මම ගාසාහි මාළිගා නාස්තිකරන ගින්නක් එහි පවුර පිටට අරින්නෙමි.


ඒ නිසා මම බෙන්-හදද්ගේ මාළිගා නාස්තිකරන ගින්නක් හසායෙල්ගේ ගෙදරට අරින්නෙමි.


එබැවින් සේනාවල ස්වාමිවූ ස්වාමීන්වහන්සේ ඔහුගේ තර අය පිටට කෙට්ටුකම යවනසේක; ඔහුගේ ඉසුර යටද ගිනි ඇවිළීමක් මෙන් ඇවිළීමක් වන්නේය.


එසේ නැත්නම් අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන්ද මිල්ලෝ වංශයද දවාදමාවා; ෂෙකෙම් වැසියන්ගෙන්ද මිල්ලෝ වංශයෙන්ද ගිනි නික්ම අබිමෙලෙක් දවාදමාවයි කීවේය.


නුඹ අද මෝවබ් සීමාව වන ආර් පසුකර යන්ට සිටිනෙහිය.


ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෝවබ්ට සතුරුකමක්වත් ඔහුට විරුද්ධව සටනක්වත් නොකරන්න. ඔවුන්ගේ දේශයෙන් නුඹට කිසි උරුමයක් නොදෙන්නෙමි; මක්නිසාද ආර් මා විසින් ලොත්ගේ පුත්‍රයන්ට උරුමයක් කොට දී තිබේයයි කීසේක.


තවද පසුව දා උදේ බාලාක් බාලාම් කැඳවාගෙන බාල්ගේ උස් තැන්වලට ගියේය, එහි සිට ඔහු කෙළවර දක්වාම සෙනඟ දිටීය.


එබැවින් කිවිහු කියන්නෝ: හෙෂ්බොන්ට එව්, සීහොන් නුවර ගොඩනගනුලැබ සවිවේවා.


ගින්න ඔවුන්ගේ තරුණයන් නාස්ති කෙළේය; ඔවුන්ගේ තරුණියන්ට විවාහ ගීයක් නොවීය.


හෙෂ්බොන්ද එලෙයාලේද කෑගසති; ඔවුන්ගේ හඬ යාහශ් දක්වා ඇසෙයි. ඒ නිසා මෝවබ්හි යුද්ධකාරයෝ ඝෝෂාකරති; එක් එක්කෙනාගේ ආත්මය ඔහු තුළ කැළඹෙයි.


තවද මෝවබ් උසස්ථානයෙහි පෙනී, වෙහෙසවී, යාච්ඤාකරන්ට තමාගේ ශුද්ධස්ථානයට ඇතුල්වූ කල්හි ඔහුට පිහිට නොලැබේ.


කටුඇඹිල්ල ගහද: නුඹලා සැබෑවටම නුඹලා කෙරෙහි රජෙකු කොට මා පත්කර ගන්නවා නම් ඇවිත් මාගේ සෙවෙණෙහි මුවාවී සිටින්න. නැතහොත් කටුඇඹිල්ල ගහෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවා දමාවයි ගස්වලට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්