Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 21:27 - Sinhala Revised Old Version

27 එබැවින් කිවිහු කියන්නෝ: හෙෂ්බොන්ට එව්, සීහොන් නුවර ගොඩනගනුලැබ සවිවේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 එබැවින් කිවීහු මෙසේ ගැයූ හ: “හෙෂ්බොන් වෙත එන්න, සීහොන් නුවර ඉදි කොට එය ලකලෑස්ති කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 එබැවින් කිවීහු මෙසේ ගැයූ හ: “හෙෂ්බොන් වෙත එන්න, සීහොන් නුවර ඉදි කොට එය ලකලෑස්ති කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 21:27
6 හුවමාරු යොමු  

ඔවුන් සියල්ලෝම ඔහුට විරුද්ධව උපමාවක් සහ නින්දාකරන උපහැරණයක් නොකියද්ද? එනම්: තමාට අයිති නැතිදේ වැඩිකරගන්නාවූ, උකස් බඩු තමා පිට පටවාගන්නාවූ අයට දුක්වේ! කොපමණ කල්ද?


නුඹ බබිලෝනියේ රජුට විරුද්ධව මේ උපමාව කියන්නෙහිය: අහෝ පීඩාකාරයා නැවතුණු හැටි! රන් නුවර නැවතුණු හැටි!


එබැවින් ස්වාමීන්වහන්සේගේ යුද්ධ පොතෙහි: සූඵායේ වහෙබ්ද අර්ණොන් මිටියාවත්ද


හෙෂ්බොන් නම් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ නුවරය, ඔහු මෝවබ්හි ප්‍රථම රජුට විරුද්ධව යුද්ධකොට අර්ණොන් දක්වා ඔහුගේ මුළු දේශය ඔහුගේ අතින් ගත්තේය.


මක්නිසාද හෙෂ්බොන් සිට ගින්නක්ද සීහොන් නුවරින් ගිනිදැලක්ද නික්මගියේය. එය මෝවබ්හි ආර්ද අර්ණොන් උස්තැන්වල ස්වාමිවරුන්ද දවා දැමීය.


පවුර ගොඩනැගුවායින් පසු මම දොරවල් පිහිටෙවුවෙමි, දොරටුපාලයෝද ගායනාකාරයෝද ලෙවීවරුද පත්කරනු ලැබුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්