Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 21:16 - Sinhala Revised Old Version

16 එතැනින් ඔව්හු බෙයේර්ට ගමන්කළෝය. ඒ වනාහි: මා සෙනඟට වතුර දෙන පිණිස ඔවුන් රැස්කරන්නැයි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී ස්ථානයෙහි තිබෙන ළිඳය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එතැනින් ඔව්හු බෙයේර් නම් ස්ථානයට ගියහ. ‘සෙනඟ එක්රැස් කරන්න, මම ඔවුන්ට බොන්නට වතුර දෙමි’යි කියා සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාරා ඇත්තේ එහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එතැනින් ඔව්හු බෙයේර් නම් ස්ථානයට ගියහ. ‘සෙනඟ එක්රැස් කරන්න, මම ඔවුන්ට බොන්නට වතුර දෙමි’යි කියා සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාරා ඇත්තේ එහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 21:16
16 හුවමාරු යොමු  

නුඹද නුඹේ සහෝදරවූ ආරොන්ද සැරයටිය රැගෙන, සභාව රැස්කර, පර්වතය විසින් ඒකේ වතුර දෙන ලෙස ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඊට කථාකරන්න; එසේ ඔවුන්ට පර්වතයෙන් වතුර ගෙන්වා සභාවටත් ඔවුන්ගේ සිව්පාවුන්ටත් බොන්ට දෙන්නැයි කීසේක.


එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.


ආත්මයාණන්වහන්සේද මණමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.


තවද දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනයෙන් නික්ම එන්නාවූ පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්,


උන්වහන්සේ මට කථාකොට: ඒවා ඉෂ්ටවුණේය. මම අල්ඵා සහ ඕමෙගාය, පටන්ගැන්ම හා අන්තිමය. පිපාසාය ඇත්තාට මම ජීවන-වතුර-උල්පතෙන් නොමිලයේ බොන්ට දෙන්නෙමි.


මා විසින් තෝරාගත් මාගේ සෙනඟට වතුර දෙන්ට මම කාන්තාරයෙහි වතුරද වනයෙහි ගංගාද දෙන නිසා, සිවලුන්ද පැස්බරුන්ද ඇතුළුව වනයේ සත්වයෝ මට ගෞරවකරන්නෝය.


යෝතාම් තමාගේ සහෝදරවූ අබිමෙලෙක්ට භයින් බෙයේර්ට පලා ගොස් එහි විසුවේය.


බලව, මම හොරේබ්හි පර්වතය පිට එහි නුඹ ඉදිරියෙහි සිටිමි; නුඹ පර්වතයට ගසන්න, සෙනඟට බොන්ට වතුර එයින් නික්මෙන්නේයයි කීසේක. මෝසෙස් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගේ ඇස් හමුවෙහි එසේ කෙළේය.


නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක.


යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක.


ඔවුන්ට බඩගිනි නොවන්නේය, පිපාසා නොවන්නේය. මිරිඟු වැල්ලවත් අව්වවත් ඔවුන්ට පහර නොදෙන්නේය. මක්නිසාද ඔවුන්ට අනුකම්පාකරන තැනන්වහන්සේ ඔවුන් ගෙනගොස්, දිය උල්පත් ළඟින් ඔවුන් කැඳවාගෙන යනවා ඇත.


දෙවියන්වහන්සේ ඇගේ ඇස් ඇරෙවූසේක, එවිට ඈ වතුර ඇති ළිඳක් දැක එහි ගොස් භාජනයට වතුර පුරවාගෙන ළමයාට බොන්නට දුන්නාය.


දීබොන්-ගාදෙන් පිටත්ව ගොස් අල්මොන්-දිබ්ලාතයිම්හි කූඩාරම් ගසාගත්තෝය.


මක්නිසාද කෑගැසීම මෝවබ්හි සීමාව වටකරින්ම ගියේය; එහි කෑමොරගැසීම එග්ලයිම් දක්වාද එහි කෑමොරගැසීම බෙයෙර්-එලීම් දක්වාද ගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්