Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 21:13 - Sinhala Revised Old Version

13 එතැනින් ඔව්හු පිටත්ව ගොස් අමෝරිවරුන්ගේ සීමාවෙන් ගලායන්නාවූ, කාන්තාරයෙහි තිබෙන අර්ණොන් ගඟ එගොඩ කූඩාරම් ගසාගත්තෝය. අර්ණොන් වනාහි මෝවබ්වරුන් හා අමෝරිවරුන් අතරේ තිබෙන මෝවබ් රටේ සීමාවය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එතැනින් ද යළි ඔව්හු පිටත් ව ගොස්, අමෝරිවරුන්ගේ දේශ සීමා දක්වා ඇති පාළුකරයේ පිහිටි අර්ණොන් ගඟින් එගොඩ කඳවුරු බැඳගත්හ. අර්ණොන් ගඟ පිහිටියේ මෝවබ්වරුන්ගේ හා අමෝරිවරුන්ගේ රටවල් අතර මෝවබ් දේශ සීමාවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එතැනින් ද යළි ඔව්හු පිටත් ව ගොස්, අමෝරිවරුන්ගේ දේශ සීමා දක්වා ඇති පාළුකරයේ පිහිටි අර්ණොන් ගඟින් එගොඩ කඳවුරු බැඳගත්හ. අර්ණොන් ගඟ පිහිටියේ මෝවබ්වරුන්ගේ හා අමෝරිවරුන්ගේ රටවල් අතර මෝවබ් දේශ සීමාවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 21:13
8 හුවමාරු යොමු  

පසුව ඔව්හු කාන්තාරය මැදින් ගමන්කොට ඒදොම් දේශයත් මෝවබ් දේශයත් වටකරින් ගොස්, මෝවබ් දේශයට නැගෙනහිරින් අවුත්, මෝවබ් සීමාව ඇතුළට නොපැමිණ, අර්ණොන් ඔයෙන් එගොඩ කූඩාරම් පිහිටුවාගත්තෝය, මක්නිසාද අර්ණොන් ඔය වනාහි මෝවබ් සීමාවය.


බාලාක්තෙමේ බාලාම් ආ බව අසා ඔහු සම්බ වන පිණිස අර්ණොන් සීමාවට ළංවූ සීමාන්තයෙහි තිබෙන මෝවබ් නුවරට ගියේය.


මෝවබ් ලජ්ජාවට පැමුණුණේය; මක්නිසාද ඒක බිඳිනලද්දේය. කෑමොරගසන්න; මෝවබ් පාළුවූබව අර්ණෝන්හි දන්වන්න.


මක්නිසාද මෝවබ්හි දූවරු මුළාව යන කුරුල්ලන්මෙන්, අත්හරිනලද පක්ෂි කැදැල්ලක්මෙන්, අර්නොන්හි තොටුපළවල සිටින්නෝය.


නුඹලා නැගිට ගමන් ගෙන අර්ණොන් ඔයෙන් එතරට යන්න. බලව, මම හෙෂ්බොන්හි රජවූ අමෝරියවූ සීහොන්ද ඔහුගේ දේශයද නුඹ අතට දුනිමි. ඒක හිමිකර ගන්ට පටන්ගෙන ඔහුට විරුද්ධව යුද්ධ කරන්න.


එබැවින් ස්වාමීන්වහන්සේගේ යුද්ධ පොතෙහි: සූඵායේ වහෙබ්ද අර්ණොන් මිටියාවත්ද


දැන් නැගිට ශෙරෙද් ඔයෙන් එතරවෙන්නැයි කීසේක.


නුඹ අද මෝවබ් සීමාව වන ආර් පසුකර යන්ට සිටිනෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්