Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 21:1 - Sinhala Revised Old Version

1 දකුණු දිසාවෙහි වාසයකළ කානානීයවූ අරද්හි රජ අතාරීම් මාර්ගයෙන් ඉශ්‍රායෙල්වරුන් එන බව අසා ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකොට ඔවුන්ගෙන් සමහරෙක් අල්ලාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දකුණු දිශාවේ විසූ අරාද් නම් කානානිය රජ අතාරිම් නම් මාර්ගය ඔස්සේ ඉශ්රායෙල්වරුන් එන බව ඇසූ විට, ඔහු ඔවුන් ආක්‍රමණය කර ඔවුන්ගෙන් සමහරෙකු අල්ලාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දකුණු දිශාවේ විසූ අරාද් නම් කානානිය රජ අතාරිම් නම් මාර්ගය ඔස්සේ ඉශ්රායෙල්වරුන් එන බව ඇසූ විට, ඔහු ඔවුන් ආක්‍රමණය කර ඔවුන්ගෙන් සමහරෙකු අල්ලාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 21:1
10 හුවමාරු යොමු  

තවද මෝසෙස්ගේ මාමණ්ඩිය වන කේනියයාගේ පුත්‍රයෝ යූදා පුත්‍රයන් සමඟ ඉඳිගස් නුවර සිට ඇවිත්, අරාද්ට දකුණෙන් තිබෙන යූදා කාන්තාරයට ගොස්, සෙනඟ සමඟ වාසයකළෝය.


කානාන් දේශයේ දකුණු දිග විසූ කානානීය අරාද්හි රජ ඉශ්‍රායෙල් පුත්‍රයන් එන බව ඇසුවේය.


හොර්මාහි රජ එක්කෙනෙක්ය; අරාද්හි රජ එක්කෙනෙක්ය;


හායි නුවර මනුෂ්‍යයෝ ඔවුන්ගෙන් තිස් හදෙනෙක් පමණ මැරුවෝය. ඔව්හු නුවර දොරටුවේ සිට ෂෙබාරීම් දක්වා ඔවුන් පස්සේ එළවාගන ගොස්, පල්ලමේදී ඔවුන්ට පහරදුන්නෝය. එවිට සෙනඟගේ සිත් දියවී ගොස් වතුර මෙන් වුණේය.


එවිට සීහොන්ද ඔහුගේ මුළු සෙනඟද අපට විරුද්ධව සටන්කරන පිණිස යහශ්ට ආවෝය.


එවිට ඒ කන්දේ වාසයකළ අමලෙක්වරුද කානානිවරුද බැස ඇවිත් ඔවුන්ට පහරදී හොර්මා දක්වා ඔවුන් විසුරුවාදැමූහ.


ආබ්‍රම් ගමන්කරනුයේ, දකුණු දෙසටම ගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්