Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 20:5 - Sinhala Revised Old Version

5 මේ නරක ස්ථානයට අප පමුණුවන්ට මිසරයේ සිට අප ගෙනාවේ මන්ද? මේක බීජවත් අත්තික්කාවත් මිදිවැල්වත් දෙළුම්වත් ඇති ස්ථානයක් නොවේ; බොන්නට වතුරත් නැතැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඔබ දෙදෙන මිසරයෙන් පිටතට අප ගෙනාවේ මන් ද? මේ කාලකණ්ණි තැනට අප ගෙනෙන්නට ද? මෙතැන ධාන්‍යයටත්, අත්තික්කාවලටත්, මිදිවලටත්, දෙළුම් ගස්වලටත් තැනක් නොවේ. ඒ මදිවාට බොන්නට වතුරත් නැතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔබ දෙදෙන මිසරයෙන් පිටතට අප ගෙනාවේ මන් ද? මේ කාලකණ්ණි තැනට අප ගෙනෙන්නට ද? මෙතැන ධාන්‍යයටත්, අත්තික්කාවලටත්, මිදිවලටත්, දෙළුම් ගස්වලටත් තැනක් නොවේ. ඒ මදිවාට බොන්නට වතුරත් නැතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 20:5
8 හුවමාරු යොමු  

ඒ ඇර කිරිද මීපැණිද ගලායන දේශයකට නුඹ අප ගෙනාවේවත් කෙත් හා මිදිවතු අපට උරුමකොට දුන්නේවත් නැත. මේ මිනිසුන්ගේ ඇස් උගුලා දමන්ට සිතන්නෙහිද? අපි නොඑමුයයි කීවෝය.


මිසර දේශයේ කාන්තාරයේදී මම නුඹලාගේ පියවරුන් සමඟ විනිශ්චයට පැමුණුණාක්මෙන් නුඹලා සමඟත් විනිශ්චයට පැමිණෙන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


මිසර දේශයෙන් අප පිටතට ගෙන, මරුකතර සහ වළවල් ඇත්තාවූ දේශයක්ද මරණයේ සෙවණ ඇත්තාවූ දේශයක්ද කිසිවෙකු නොගැවසුණාවූ කිසි මනුෂ්‍යයෙකු වාසය නොකළාවූ දේශයක්ද වන කාන්තාරය මැදින් අප ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ කොයිදැයි ඔව්හු නෑසුවෝය.


නුඹ ගොස්-ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි යෙරුසලම් වැසියන්ට ඇසෙන ලෙස ප්‍රකාශකර කියන්නැයි කීය. නුඹේ යෞවන කාලයේ ඇලුම්කමත් නුඹේ විවාහබස්දීමේ ආදරයත් නොවපුළ දේශයක් වන කාන්තාරයෙහි මා පස්සේ නුඹ ආ හැටිත් නුඹේ යහපත පිණිස මම සිහිකරමි.


එසේය, ඔබ හතළිස් අවුරුද්දක් කාන්තාරයේදී ඔවුන් පෝෂණයකළසේක, ඔවුන්ට කිසි හිඟකමක් නොවීය; ඔවුන්ගේ ඇඳුම් පරණවුණේවත් ඔවුන්ගේ පාද ඉදිමුණේවත් නැත.


ගිනි සර්පයන් සහ ගෝනුස්සන් ඇත්තාවූ, වතුර නැති, නියංසායෙන් යුක්තවූ ඒ මහත් භයංකර කාන්තාරය මැදින් නුඹ ගෙනාවාවූ, ගිනිගල් පර්වතයෙන් නුඹට වතුර නික්මවා දී,


ආරොන් තමාගේ සෙනඟට එකතුවන්නේය. මක්නිසාද නුඹලා මෙරිබාහි වතුර ළඟදී මාගේ වචනයට විරුද්ධව කැරළිකාරව සිටිය බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දුන් දේශයට ඔහු ඇතුල්නොවන්නේය.


මක්නිසාද ශීන් කාන්තාරයෙහිදී සභාව කළ විවාදයේදී ඔවුන්ගේ ඇස් හමුවෙහි වතුර ළඟදී මා ගෞරවයට නොපමුණු වන ලෙස, නුඹලා මාගේ අණට විරුද්ධව කැරළි ගැසූ නිසායයි කීසේක. ඒ වනාහි ශීන් කාන්තාරයේ කාදෙෂ්හි තිබෙන මෙරීබා වතුරය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්