Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 20:21 - Sinhala Revised Old Version

21 මෙසේ ඒදොම්වරු තමුන්ගේ සීමාව මැදින් ඉශ්‍රායෙල්ට යන්ට දෙන්ට අකැමැති වූහ. එබැවින් ඉශ්‍රායෙල්වරු ඔවුන් කෙරෙන් අහක්ව ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 මෙසේ වූයේ ඒදොම්හි රජු ඉශ්රායෙල් ජනයාට තම දේශය මැදින් යාමට අවසර නුදුන් බැවිනි. එබැවින් ඉශ්රායෙල් ජනයා එතැනින් වෙන අතකට හැරුණාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 මෙසේ වූයේ ඒදොම්හි රජු ඉශ්රායෙල් ජනයාට තම දේශය මැදින් යාමට අවසර නුදුන් බැවිනි. එබැවින් ඉශ්රායෙල් ජනයා එතැනින් වෙන අතකට හැරුණාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 20:21
10 හුවමාරු යොමු  

පසුව ඔව්හු කාන්තාරය මැදින් ගමන්කොට ඒදොම් දේශයත් මෝවබ් දේශයත් වටකරින් ගොස්, මෝවබ් දේශයට නැගෙනහිරින් අවුත්, මෝවබ් සීමාව ඇතුළට නොපැමිණ, අර්ණොන් ඔයෙන් එගොඩ කූඩාරම් පිහිටුවාගත්තෝය, මක්නිසාද අර්ණොන් ඔය වනාහි මෝවබ් සීමාවය.


කන්ට මට ආහාර මිලේට විකුණා, බොන්ට මට වතුර මිලේට දුන මැනවි. පයින් යන්ට පමණක් මට අවසර ලැබේවයි කියා ඇරියෙමි.


නුඹේ දෙවිවූ කෙමොෂ් නුඹට හිමිකරගැනීමට දෙන දේ නුඹ හිමිකරගන්නවා නොවේද? එලෙසම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප ඉදිරියෙන් පන්නාදැමූ සියල්ලන්ගේ රට අපිත් හිමිකරගනිමුව.


ඒදොමියයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද ඔහු නුඹේ සහෝදරයාය. මිසරයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද නුඹ ඔහුගේ දේශයෙහි ආගන්තුකයෙක්ව සිටියෙහිය.


නුඹේ දේශය මැදින් යන්ට මට අවසර ලැබේවා. දකුණටවත් වමටවත් නොහැරී මහමාවත යන්නෙමි.


එහෙත් සීහොන් තමාගේ සීමාව මැදින් යන්ට ඉශ්‍රායෙල්වරුන්ට ඉඩනොදී, තමාගේ සියලු සෙනඟ රැස්කොට, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කාන්තාරයට අවුත් යහශ්ට පැමිණ, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කෙළේය.


එවිට ඉශ්‍රායෙල්වරු ඒදොම් රජු වෙත පණිවිඩකාරයන් යවා: ඔබගේ දේශය මැදින් යන්ට අවසර ලැබේවයි කියා ඇරියෝය. නුමුත් ඒදොම් රජ ඇහුම්කන් නුදුන්නේය. මෝබව් රජු වෙතටත් එසේම පණිවිඩකාරයන් ඇරියෝය. ඔහුද කැමතිවුණේ නැත. ඉශ්‍රායෙල්වරුද කාදෙෂ්හි නැවතී සිටියෝය.


ඔව්හු ඒදොම් දේශය වටකර යන පිණිස රතු මුහුදට යන පාරෙන් හෝර් කන්දේ සිට ගමන් කළෝය. එවිට ගමන් මාර්ගයේදී සෙනඟගේ සිත බොහෝසේ අධෛර්යය විය.


බැලුවමැනව, ඉශ්‍රායෙල් මිසරයෙන් ආකල අම්මොන් සහ මෝවබ් පුත්‍රයන්ද සෙයිර් කඳුකරයේ වැසියන්ද අතරට පැමිණෙන්ට ඔබ ඔවුන්ට ඉඩ නුදුන් බැවින්, ඔව්හු ඔවුන් විනාශනොකර, ඔවුන් වෙතින් අහක්ව ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්