Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 20:18 - Sinhala Revised Old Version

18 ඒදොම්ද: නුඹ මාගේ රට මැදින් නොගිය යුතුය, ගියොත් මම නුඹට විරුද්ධව කඩුව ගෙන එන්නෙමියි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 එහෙත්, ඒදොම්හි රජ ඔවුන්ට කතා කොට, “මාගේ දේශය මැදින් ඔබ හැමට ගමන් කිරීම තහනම් ය. එසේ කළොත් මම ඔබ හැමට විරුද්ධ ව යුද්ධ අරඹමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එහෙත්, ඒදොම්හි රජ ඔවුන්ට කතා කොට, “මාගේ දේශය මැදින් ඔබ හැමට ගමන් කිරීම තහනම් ය. එසේ කළොත් මම ඔබ හැමට විරුද්ධ ව යුද්ධ අරඹමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 20:18
6 හුවමාරු යොමු  

ඒදොම් උරුමයක් වන්නේය, සේයිර්ද තමාගේ සතුරන්ට උරුමයක් වන්නේය; ඉශ්‍රායෙල්ද බලවන්තකම් කරන්නේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝද: අපි මහ මාවත යන්නෙමුව. අපි එනම් මාද මාගේ සිව්පාවුන්ද නුඹේ වතුර බීවොත් ඒවාට මිල ගෙවන්නෙමු. වෙන කිසි දෙයක් නොකොට මට පයින් යන්ට පමණක් ඉඩ දුනමැනවයි කීවෝය.


ඔහු: නුඹ නොඑවයි කීවේය. තවද ඒදොම්වරු මහත් සෙනඟක්ද බලවත් අතක්ද ඇතුව ඔවුන්ට විරුද්ධව ආවෝය.


ඔව්හු ඒදොම් දේශය වටකර යන පිණිස රතු මුහුදට යන පාරෙන් හෝර් කන්දේ සිට ගමන් කළෝය. එවිට ගමන් මාර්ගයේදී සෙනඟගේ සිත බොහෝසේ අධෛර්යය විය.


එහෙත් සීහොන් තමාගේ සීමාව මැදින් යන්ට ඉශ්‍රායෙල්වරුන්ට ඉඩනොදී, තමාගේ සියලු සෙනඟ රැස්කොට, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කාන්තාරයට අවුත් යහශ්ට පැමිණ, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කෙළේය.


කන්ට මට ආහාර මිලේට විකුණා, බොන්ට මට වතුර මිලේට දුන මැනවි. පයින් යන්ට පමණක් මට අවසර ලැබේවයි කියා ඇරියෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්