Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 20:15 - Sinhala Revised Old Version

15 අපේ පියවරු මිසරයට ගියෝය, අපි බොහෝ කල් මිසරයෙහි සිටියෙමුව; මිසරවරු අපටත් අපේ පියවරුන්ටත් නපුරුකම් කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 අපේ මුතුන්මිත්තන් මිසරයට ගිය සැටිත්, දීර්ඝ කාලයක් අප එහි වාසය කළ සැටිත්, මිසර වැසියන් අපට හා මුතුන්මිත්තන්ට පීඩා කළ සැටිත් ඔබ දන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 අපේ මුතුන්මිත්තන් මිසරයට ගිය සැටිත්, දීර්ඝ කාලයක් අප එහි වාසය කළ සැටිත්, මිසර වැසියන් අපට හා මුතුන්මිත්තන්ට පීඩා කළ සැටිත් ඔබ දන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 20:15
16 හුවමාරු යොමු  

මිසරවරුද අපට නපුරුකම් කරමින් අපට පීඩාකොට අප තද වහල්කමට පත්කළෝය.


මිසරයෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් විසූ කාලය හාරසිය තිස් අවුරුද්දක්ය.


ඔව්හු තමන්ගේ සිව්පාවුන්ද කානාන් දේශයෙහිදී ලබාගත් සම්පත්ද රැගෙන මිසරයට පැමිණියෝය, මෙසේ යාකොබ් සහ ඔහු සමඟ ඔහුගේ මුළු වංශයද ගියෝය.


යාකොබ් මිසරයට ගියේය; ඔහුද අපගේ පියවරුන්ද මළෝය;


උන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: නුඹේ වංසය තමන්ට අයිති නැති දේශයෙක්හි විදේශිවන බවද ඔවුන්ට මෙහෙකරන බවද ඔවුන් අවුරුදු හාරසියයක් ඔවුන්ට පීඩාකරන බවද සැබවින් දැනගන්න.


හෙතෙම අපේ ජාතියට විරුද්ධව උපා යොදා තමුන්ගේ ළදරුවන් ජීවත් නොවන පිණිස ඔවුන් අහක දමන ලෙස අපගේ පියවරුන්ට පීඩා කෙළේය.


කාන්තාරයෙහි අප මරන පිණිස කිරිද මීපැණිද ගලා යන දේශයකින් නුඹ අප ගෙනාවා මදිවාට නුඹම අප කෙරෙහි අධිපතියෙක් වෙන්ටත් හදනවාද?


මිසරයෙහිදී අප නොමිලයේ කෑවාවූ මාලුද පිපිඤ්ඤාද කොමඩුද කුඩා ලූනුද සුදුලූනුද අපට මතක්වෙයි.


ඵාරාවෝගේ විධානවරු තමන් විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි පත්කළ මුලාදෑනීන්ට කථාකොට: නුඹලා මීට ඉස්සර කළාක්මෙන් ඊයෙත් අදත් නුඹලාට නියම ගඩොල් ගණන නොසෑදුවේ මක්නිසාදැයි කියා ඔවුන්ට තැළුවෝය.


එවිට ඵාරාවෝ: උපදින්නාවූ සියලු පුත්‍රයන් ගඟේ දමා සියලු දූවරුන් නොමරා ඉතුරුකරන්නැයි තමාගේ මුළු සෙනඟට අණකෙළේය.


නුඹලා හෙබ්‍රෙව් ස්ත්‍රීන්ට වින්නඹුකම් කරන විට, ඔවුන් ප්‍රසූත යහනෙහි ඉන්නවා දකින කල්හි, පුතෙක්නම් ඔහු මරන්න; දුවක් නම් ඈ ජීවත්වුණාවේයයි කීවේය.


එවිට මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම් රජ වෙතට පණිවිඩකාරයන් යවා: නුඹේ සහෝදරවූ ඉශ්‍රායෙල් මෙසේ කියයි–අපට පැමිණි සියලු අමාරුකම් නුඹ දන්නෙහිය.


අපි ස්වාමීන්වහන්සේට මොරගැසුවෙමුව, එවිට උන්වහන්සේ අපේ හඬ අසා දූතයෙකු එවා අප මිසරයෙන් පිටතට ගෙනාසේක. ඉතින් අපි නුඹේ සීමාන්තයෙහි නුවරක් වූ කාදෙෂ්හි සිටිමුව.


ඔහු තමාගේ පුත්‍රයන්ද තමාගේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ද තමාගේ දූවරුන්ද තමාගේ පුත්‍රයන්ගේ දූවරුන්ද තමාගේ මුළු වංශයද තමා සමඟ මිසරයට ගෙනායේය.


සත්වෙනිදා ළදරුවා මැරුණේය. දාවිත්ගේ සේවකයෝ ළදරුවා මැරුණු බව ඔහුට දන්වන්ට භයවූහ. මක්නිසාද: ළදරුවා ජීවත්ව සිටියදී අප ඔහුට කථාකළ විට ඔහු අපේ හඬට ඇහුම්කන්දුන්නේ නැත. ඉදින් දැන් ළදරුවා මැරුණ බව ඔහුට කීවොත් තමාටම යම් අනතුරක් කරනොගන්නේදැයි ඔව්හු කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්