Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 19:12 - Sinhala Revised Old Version

12 ඔහු තුන්වෙනිදා එයින් දෝෂ පහකර ගනීවා, එවිට සත්වෙනි දින ඔහු පවිත්‍රවන්නේය. නුමුත් ඔහු තුන්වෙනිදා දෝෂ පහකරනොගත්තොත් සත්වෙනි දින පවිත්‍රනොවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඔහු තුන් වන දින හා සත් වන දින පවිත්‍ර වීමේ ජලයෙන් තමා පවිත්‍ර කරගත් විට ඔහු පවිත්‍ර වනු ඇත. එහෙත්, තුන් වන දින තමා පවිත්‍ර නොවුවොත් සත් වන දින ඔහු පවිත්‍ර ය යි නොසැලකේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඔහු තුන් වන දින හා සත් වන දින පවිත්‍ර වීමේ ජලයෙන් තමා පවිත්‍ර කරගත් විට ඔහු පවිත්‍ර වනු ඇත. එහෙත්, තුන් වන දින තමා පවිත්‍ර නොවුවොත් සත් වන දින ඔහු පවිත්‍ර ය යි නොසැලකේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 19:12
12 හුවමාරු යොමු  

නුඹලාද සත් දවසක් කඳවුරෙන් පිට සිටින්න. යමෙකු මැරූ සියල්ලෝද මැරුම් කෑ කිසිවෙකුට ස්පර්ශවූ සියල්ලෝද නුඹලා නුමුත් නුඹලා විසින් අල්වාගනු ලැබුවෝ නුමුත් තුන්වෙනි දවසේදීත් සත්වෙනි දවසේදීත් දෝෂ පහකරගන්න.


මමද: මාගේ ස්වාමීනි, ඔබ දන්නෙහියයි ඔහුට කීමි. ඔහු කියනුයේ: මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය.


උන්වහන්සේ ඔවුන් සහ අප අතරේ කිසි වෙනසක් නොකොට, ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍රකළසේක.


දෙදවසකට පසු උන්වහන්සේ අප ජීවත්කර, අප උන්වහන්සේ ඉදිරියෙහි ජීවත්වෙන පිණිස තුන්වෙනිදා අප නැගුටුවනවා ඇත.


නුඹලා පිරිසිදුවන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින්ද නුඹලාගේ සියලු දේවරූපවලින්ද නුඹලා පිරිසිදුකරන්නෙමි.


හිසොපින් මා පිරිසිදුකළ මැනව, එවිට මම පවිත්‍රවන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදුවන්නෙමි.


එහෙත් තුන්වෙනි දවස දක්වා පූජාවේ මාංසයෙන් ඉතුරුවෙන ඒවා ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය.


ඔහුද: තුන්වෙනි දවසට සෑදී සිටින්න. ස්ත්‍රියෙකු කරා නොපැමිණෙන්නැයි සෙනඟට කීය.


මක්නිසාද තුන්වෙනි දවසේදී ස්වාමීන්වහන්සේ මුළු සෙනඟගේ ඇස් හමුවෙහි සීනයි කන්ද පිටට බසිනසේක.


කුෂ්ඨයෙන් පවිත්‍රවෙන්ට සිටින්නාට සත් වරක් ඉස ඔහු පවිත්‍රයයි කියා පණපිටින් සිටින පක්ෂියා එළිමහනෙහි නිදහස්කර හරීවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්