Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 18:6 - Sinhala Revised Old Version

6 බලව, මම ලෙවීවරුන්වූ නුඹලාගේ සහෝදරයන් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ගතිමි. සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කරන පිණිස නුඹලාට ත්‍යාගයක් කොට ඔව්හු ස්වාමීන්වහන්සේට දෙනලද්දෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 මෙන්න, ඉශ්රායෙල් ජනයා අතරෙන් නුඹේ සොහොයුරන් වන ලෙවීවරුන් තෝරාගෙන නුඹට තිළිණයක් වශයෙන් ඔවුන් දුන්නේ මම ය. ඔවුන් මට කැප වී ඇති බැවින්, සම්මුඛ මණ්ඩපයේ සේවය ඉටු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 මෙන්න, ඉශ්රායෙල් ජනයා අතරෙන් නුඹේ සොහොයුරන් වන ලෙවීවරුන් තෝරාගෙන නුඹට තිළිණයක් වශයෙන් ඔවුන් දුන්නේ මම ය. ඔවුන් මට කැප වී ඇති බැවින්, සම්මුඛ මණ්ඩපයේ සේවය ඉටු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 18:6
14 හුවමාරු යොමු  

ලෙවීවරුන් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දෙන්න. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මුළුමනින්ම ඔහුට දෙනලද්දෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන්ද ඔවුන්ගේ ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන්ද ගනින්න. ලෙවීවරු මාගේ වන්නෝය; මම ස්වාමීන්වහන්සේය.


බලව, මමම ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ගර්භයේ පළමුවෙනියන් වන සියලු කුලුඳුලන් වෙනුවට ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් ගතිමි; ලෙවීවරු මට අයිති වන්නෝය.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ ඔවුන්ට මෙසේ කියනසේක: බලව, මමම තර සිව්පාවුන් සහ කෙට්ටු සිව්පාවුන් අතරේ විනිශ්චයකරන්නෙමි.


මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මමම මාගේ බැටළුවන් ගැන විභාගකර, උන් බලාගන්නෙමි.


නුඹලා සනසන්නේ මමමය. නැසී යන මනුෂ්‍යයාටත් තෘණ මෙන් පහව යන මනුෂ්‍ය පුත්‍රයාටත් භයවෙන්ටද නුඹේ මැවුම්කාරවූ,


මමම කථාකෙළෙමි; එසේය, මම ඔහු අඬගසාගතිමි. ඔහු ගෙන්වාගතිමි, ඔහු තමාගේ මාර්ගය සඵලකරගන්නේය.


තවද බලව, මම ඔහු සමඟ දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍රවූ ඔහොලියාබ් පත්කෙළෙමි; මා විසින් නුඹට අණකළ සියල්ල සාදන පිණිස ප්‍රඥාව ඇති සියල්ලන්ගේ හෘදයන්හි ප්‍රඥාව තැබීමි.


බලව, මම වනාහි මිසරවරුන්ගේ සිත් දැඩිකරන්නෙමි, ඔව්හු මොවුන් පස්සේ යන්නෝය. මම ඵාරාවෝද ඔහුගේ මුළු සේනාවද ඔහුගේ රථ සහ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලබන්නෙමි.


බලව, මම නුඹලා සමඟත් නුඹලාට පසුව නුඹලාගේ වංශය සමඟත්


බලව, අහස යට ජීවන හුස්ම ඇති මාංසමයවූ සියල්ලන් විනාශකරන පිණිස මම පොළොව පිටට ජලගැල්ම පමුණුවමි; පොළොවෙහි ඇත්තාවූ සියල්ල නසින්නේය.


ලෙවී ගෝත්‍රය පූජකයාවූ ආරොන්ට සේවයකරන පිණිස ඔවුන් ගෙන්වාගෙන ඔහු ඉදිරිපිට සිටවන්න.


මක්නිසාද සියලු කුලුඳුලෝ මාගේය; මා විසින් මිසර දේශයේ සියලුම කුලුඳුලන්ට පහරදුන් දවසේදී ඉශ්‍රායෙල්වරුන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මෘගයන්ගෙන්ද සියලුම කුලුඳුලන් මට විශුද්ධකරගතිමි. ඔව්හු මාගේ වන්නෝය; මම ස්වාමීන්වහන්සේයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්