Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 18:4 - Sinhala Revised Old Version

4 කූඩාරමේ සියලුම සේවය පිණිස ඔව්හු නුඹට එකතුවී සම්මුඛවීමේ කූඩාරම සම්බන්ධව සේවය කරත්වා. අන්‍යයෙක් නුඹලා ළඟට නොපැමිණේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔවුන් නුඹට උදව් උපකාර වෙමින්, සම්මුඛ මණ්ඩපයේ සේවාවන් පිළිබඳ වගකීම ඉටු කළ යුතු ය. එහෙත්, අන් කෙනෙකු නුඹට උදව් නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔවුන් නුඹට උදව් උපකාර වෙමින්, සම්මුඛ මණ්ඩපයේ සේවාවන් පිළිබඳ වගකීම ඉටු කළ යුතු ය. එහෙත්, අන් කෙනෙකු නුඹට උදව් නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 18:4
10 හුවමාරු යොමු  

බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඇර බැලූ නිසා උන්වහන්සේ සෙනඟගෙන් සැත්තෑ දෙනෙකුටත් පනස් දහසකටත් පහර දුන්සේක. ස්වාමීන්වහන්සේ සෙනඟ අතරෙහි මහත් නාස්තියක් කළ බැවින් සෙනඟ වැලපුණාහ.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් තමුන්ගේ පූජක තනතුර පවත්වන පිණිස ඔවුන් පත්කරන්න. ළංවෙන අන්‍යයා මරනු ලැබිය යුතුයයි කීසේක.


මණ්ඩපය ගෙනයන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක බාගන්නෝය. මණ්ඩපය පිහිටුවන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක පිහිටුවන්නෝය. අන්‍යයෙක් ළංවුණොත් ඔහු මරනු ලැබිය යුතුය.


ඔව්හු නුඹටත් මුළු කූඩාරමටත් සේවයකරත්වා. ඔවුන්වත් නුඹලාවත් නොනසින පිණිස ඔව්හු ශුද්ධස්ථානයේ භාජනවලටවත් පූජාසනයටවත් ළංනොවෙත්වා.


ඉශ්‍රායෙල් පුත්‍රයන් පිට උදහස තවත් නොපැමිණෙන පිණිස ශුද්ධස්ථානයේ භාරයද පූජාසනයේ සේවයද නුඹලා විසින් බලාගතයුතුය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොටසෙන් මිනිසුන්ගෙන්ද ගවයන්ගෙන්ද කොටළුවන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද සියලු ආකාර මෘගයන්ගෙන්ද පනසකින් එකෙකු බැගින් වෙන්කොට රැගෙන ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය භාරකාරවූ ලෙවීවරුන්ට දෙන්නැයි කීසේක.


එසේ ගෘහයේ මුළු මෙහෙයටත් එහි කෙරෙන සියල්ලටත් ඔවුන් ගෘහය බලාගන්න රැකවලුන් කරන්නෙමි.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාව කෙරෙහි උදහස නොපැමිණෙන පිණිස ලෙවීවරු සාක්ෂි මණ්ඩපය වටකරින් කූඩාරම් ගසා ගන්නෝය. ලෙවීවරුන්ම සාක්ෂි මණ්ඩපයේ සේවය භාරගත යුතුයයි කීසේක.


කටයුතු බලාගැනීමට සම්මුඛවීමේ කූඩාරම තුළ ඔවුන්ගේ සහෝදරයන් සමඟ මෙහෙකරනවා මිස ඔව්හු වැඩ නොකරන්නෝය. ලෙවීවරුන්ගේ භාර සම්බන්ධව ඔවුන්ට එසේ කරන්නැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්