Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 18:24 - Sinhala Revised Old Version

24 මක්නිසාද එසවීමේ පූජාවක් කොට ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන දසයෙන් කොටස ලෙවීවරුන්ට උරුමයක් කොට මා විසින් දී තිබේ. එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි කිසි උරුමයක් ඔවුන්ට නොලැබෙන්නේය කියා මම ඔවුන්ට කීයෙමියි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 මන්ද, ඉශ්රායෙල් ජනයා මට පුදන විශේෂ පඬුරුවලින් දසයෙන් කොටස මා ලෙවීවරුන්ට උරුම කොට දී තිබේ. ඉශ්රායෙල් ජනයා අතර කිසි උරුමයක් ඔවුන්ට නොලැබෙන්නේ ය කියා මා ඔවුන්ට කීවේ ඒ නිසා ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 මන්ද, ඉශ්රායෙල් ජනයා මට පුදන විශේෂ පඬුරුවලින් දසයෙන් කොටස මා ලෙවීවරුන්ට උරුම කොට දී තිබේ. ඉශ්රායෙල් ජනයා අතර කිසි උරුමයක් ඔවුන්ට නොලැබෙන්නේ ය කියා මා ඔවුන්ට කීවේ ඒ නිසා ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 18:24
10 හුවමාරු යොමු  

තවද නුඹ ලෙවීවරුන්ට මෙසේ කියන්න–නුඹලාගේ උරුමය කොට මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දසයෙන් කොටස නුඹලා ඔවුන්ගෙන් ගන්න කල එයින් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් කොට ඔප්පුකරන්න.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


ඔවුන්ගෙන් ගණන්කරන ලද්දෝ මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලුම පිරිමි වන විසිතුන්දාහක්ය. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ කිසි උරුමයක් ඔවුන්ට නුදුන් බැවින් ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ගණන්කරනු නොලැබූහ.


එබැවින් ලෙවීට තමාගේ සහෝදරයන් සමඟ කොටසක්වත් උරුමයක්වත් නැත; නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහුට කී ලෙස ස්වාමීන්වහන්සේම ඔහුගේ උරුමයය.)


දසයෙන් කොටස දෙන අවුරුද්ද වන තුන්වෙනි අවුරුද්දේදී නුඹේ අස්වැන්නෙන් දසයෙන් කොටස් සියල්ලම නුඹ වෙන්කර තීන්දුකළ කල්හි, ලෙවීයයාද විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ නුවර දොරටු තුළදී කා තෘප්තියට පැමිණෙන පිණිස ඒවා ඔවුන්ට දී,


භූමියේ මුළු අස්වැන්නෙන් එනම් භූමියේ ධාන්‍යයෙන්ද ගස්වල ඵලයෙන්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට අයිතිය. එය ස්වාමීන්වහන්සේට ශුද්ධය.


ලෙවී ගෝත්‍රයට පමණක් ඔහු කිසි උරුමයක් නුදුන්නේය; ඔහු ඔවුන්ට කී ලෙස ඔවුන්ගේ උරුමය නම් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගින්නෙන් ඔප්පු කරන පූජාවල්ය.


ලෙවීවරුන් ඒ කොටස්වලින් දසයෙන් කොටසක් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවේ ඇතුල් ගෙවලට ගෙනෙන පිණිස දසයෙන් කොටසක් දෙන විට ආරොන්ගේ පුත්‍රයෙක්වූ පූජකයෙක් ඔවුන් සමඟ සිටින හැටියටත් නියමකරගතිමු.


එවිට සියලු යූදාවරු ධාන්‍යයෙනුත් මුද්‍රික යුසයෙනුත් තෙලිනුත් දසයෙන් කොටස ගබඩාවලට ගෙනාවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්