Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 18:16 - Sinhala Revised Old Version

16 මසක දරුවා පටන් ඔවුන්ගෙන් මුදනු ලබන්ට සිටින්නන්, නුඹේ නියමයේ හැටියට, ගේරා විස්සක්වූ ශුද්ධස්ථානයේ ෂෙකෙලේ ප්‍රකාරයට, ෂෙකෙල් පහකට මුදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 මුදාගත යුතු වූවන්ට මසක් ගිය පසු නුඹ ඔවුන් මුදාගත යුතු ය. එසේ කිරීමේ දී නුඹේ නියමය හැටියට ශුද්ධස්ථානයේ මිල අනුව, රිදී කාසි පහක් ගෙවිය යුතු ය. රිදී කාසියක් නම් ගේරා විස්සකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 මුදාගත යුතු වූවන්ට මසක් ගිය පසු නුඹ ඔවුන් මුදාගත යුතු ය. එසේ කිරීමේ දී නුඹේ නියමය හැටියට ශුද්ධස්ථානයේ මිල අනුව, රිදී කාසි පහක් ගෙවිය යුතු ය. රිදී කාසියක් නම් ගේරා විස්සකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 18:16
9 හුවමාරු යොමු  

ඔවුන් විසින් දිය යුතු මෙසේය, ගණන්ගනු ලබන එක් එක්කෙනා ශුද්ධ ස්ථානයේ ෂෙකෙල් මිලයේ හැටියට ස්වාමීන්වහන්සේට පඬුරක් පිණිස ෂෙකෙල් බාගයක් දිය යුතුය. (ෂෙකෙලයක් නම් ගේරා විස්සක්ය.)


එක් එක්කෙනා වෙනුවට ෂෙකෙල් පහක් බැගින් ගනින්න; ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙලට ගේරා විස්සක් බැගින් ගනින්න.


නුඹලාගේ මානෙය ෂෙකෙල් විස්සක්ව, ෂෙකෙල් විසිපහක්ව, ෂෙකෙල් පහළොහක්ව, තිබෙන්නේය.


නුඹේ සියලු නියමකිරීම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙලට ගේරා විස්සක් බැගින් විය යුතුය.


ඔප්පුකළ රන් වන ශුද්ධස්ථානයේ සියලු කර්මාන්තයෙහි වැඩට වියදම්වූ රන් සියල්ල තලෙන්ත එකුන් තිසක් හා ශුද්ධස්ථානයේ ෂෙකෙල් ලෙස ෂෙකෙල් හත්සිය තිහක්ද විය.


ලෙවීවරුන්ගේ ගණනට වැඩිව සිටින්නාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කුලුඳුලන් දෙසිය සැත්තෑ තුන්දෙනාගේ මිදීම පිණිස,


ස්වාමීන්වහන්සේට ඔප්පුකරනු ලබන සියලු සත්වයන්ගෙන් මනුෂ්‍යයන්ගේ වේවා මෘගයන්ගේ වේවා ගර්භයේ සියලුම ප්‍රථම ඵල නුඹට අයිතිය. එසේවී නුමුත් මනුෂ්‍යයන්ගේ කුලුඳුලන් නුඹ සැබවින් මිදිය යුතුය, අපවිත්‍ර මෘගයන්ගේ කුලුඳුලන්ද නුඹ විසින් මිදිය යුතුය.


එහෙත් එළදෙනෙකුගේ හෝ බැටළුදෙනෙකුගේ හෝ එළුදෙනෙකුගේ හෝ කුලුඳුලා නොමිදිය යුතුය, උන් ශුද්ධය. උන්ගේ ලේ පූජාසනය පිට ඉස, ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස ගිනි පූජාවක් කොට උන්ගේ තෙල දවන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්