Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 16:47 - Sinhala Revised Old Version

47 ආරොන් මෝසෙස් කී ලෙස රැගෙන සභාව මැදට දිවීය; බලව, සෙනඟ අතරෙහි වසංගතය පටන්ගෙන තිබුණේය. ඔහු සුවඳ ද්‍රව්‍ය ලා සෙනඟ උදෙසා සමඟිකමක් කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

47 ආරොන් මෝසෙස් අණ කළ පරිදි ධූම පාත්‍රය රැගෙන ජනතාව මැදට ගියේ ය. සෙනඟ අතර වසංගතය පැතිරී යන බව දුටු විට, ඔහු සුවඳ ද්‍රව්‍ය ධූම පාත්‍රයට දමා සෙනඟ උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

47 ආරොන් මෝසෙස් අණ කළ පරිදි ධූම පාත්‍රය රැගෙන ජනතාව මැදට ගියේ ය. සෙනඟ අතර වසංගතය පැතිරී යන බව දුටු විට, ඔහු සුවඳ ද්‍රව්‍ය ධූම පාත්‍රයට දමා සෙනඟ උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:47
9 හුවමාරු යොමු  

මෙසේ ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කෙරෙවුවෝය; වසංගතයද ඔවුන් අතරට පැමිණියේය.


එවිට ඔව්හු මුහුණින් වැටුණෝය. එවිට මෝසෙස් ආරොන්ට කථාකොට: නුඹේ ධූප භාජනය රැගෙන පූජාසනයෙන් ගිනි අරන් එහි බහා, සුවඳ ද්‍රව්‍ය ලා, වහාම සභාව ළඟට ගෙන ගොස් ඔවුන් උදෙසා සමඟිකමක් කරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් උදහස නික්ම ගියේය; වසංගතය පටන් ගත්තේයයි කීවේය.


එසේ ඔහු මළවුන්ටත් ජීවතුන්ටත් අතරේ සිටියේය; එවිට වසංගතය නැවතුණේය.


ඔහු තමාගේ දෙවියන්වහන්සේ ගැන ජවලිතව සිට ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සමඟිකමක් කළ බැවින් එය ඔහුටත් ඔහුගෙන් පසු ඔහුගේ වංශයටත් සදාකාල පූජකකමක ගිවිසුමක් වන්නේය කියා කියන්නැයි කීසේක.


නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න;


නපුරුකමෙන් පරාජය නොවී, යහපත්කමෙන් නපුරුකම පරාජයකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්