Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 16:42 - Sinhala Revised Old Version

42 තවද සභාව මෝසෙස් සහ ආරොන්ට විරුද්ධව රැස්ව සිටිද්දී ඔව්හු සම්මුඛවීමේ කූඩාරම දෙස බැලූ කල වලාකුළක් ඒක වසාගෙන තිබුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද දෘශ්‍යමාන විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 ජනතාව මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වී සම්මුඛ මණ්ඩපය දෙස නෙත් යොමා බැලූ හ. පුදුමයකි, වලාකුළකින් එය වැසී තිබිණි. සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ද දර්ශනය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 ජනතාව මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වී සම්මුඛ මණ්ඩපය දෙස නෙත් යොමා බැලූ හ. පුදුමයකි, වලාකුළකින් එය වැසී තිබිණි. සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ද දර්ශනය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:42
10 හුවමාරු යොමු  

කෝරාද ඔවුන්ට විරුද්ධව මුළු සභාව සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට රැස් කෙළේය. එවිට ස්වාමීන්වහන්සේගේ තේජස මුළු සභාවට පෙනුණේය.


මෝසෙස් හා ආරොන් සභාව ඉදිරියෙන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ගොස් මුහුණින් වැටුණෝය. ස්වාමීන්වහන්සේගේ තේජස ඔවුන්ට පෙනුණේය.


මෝසෙස් සහ ආරොන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්ව පිටට අවුත් සෙනඟට ආශීර්වාද කළෝය. එවිට ස්වාමීන්වහන්සේගේ මහිමය මුළු සෙනඟට පෙනුණේය.


එහෙත් මුළු සභාව ගල්ගසා ඔවුන් මරන්ට කීහ. ස්වාමීන්වහන්සේගේ මහිමයද සම්මුඛවීමේ කූඩාරමේදී සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙනුණේය.


ස්වාමීන්වහන්සේගේ තේජස සීනයි කන්දේ පැවතුණේය, වලාකුළ සදවසක් ඒක වසා සිටියාය. සත්වෙනි දින උන්වහන්සේ වලාකුළ මැදින් මෝසෙස්ට හඬගැසූසේක.


ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කථාකළ කල්හි ඔව්හු වනාන්තරය දෙස බැලුවෝය, බලව, ස්වාමීන්වහන්සේගේ තේජස වලාකුළෙහි පෙනුණේය.


උදය ස්වාමීන්වහන්සේගේ තේජස දකින්නහුය; මක්නිසාද ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹලාගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසෙයි. නුඹලා අපට විරුද්ධව කොඳුරන්ට අපි කවුරුදැයි කීවෝය.


එවිට මෝසෙස් සහ ආරොන් සම්මුඛවීමේ කූඩාරම ඉදිරියට ආවෝය.


සභාවට වතුර නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ටද ආරොන්ටද විරුද්ධව රැස්වුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්