Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 16:41 - Sinhala Revised Old Version

41 එහෙත් පසුවදා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව කොඳුරමින්: නුඹලා ස්වාමීන්වහන්සේගේ සෙනඟ මැරුවහුයයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 පසු දින මුළු ඉශ්රායෙල් ජනතාව මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව මැසිවිලි දොඩමින්, “ඔබ දෙදෙන සමිඳාණන් වහන්සේගේ සෙනඟ මරාදැමුවහු ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 පසු දින මුළු ඉශ්රායෙල් ජනතාව මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව මැසිවිලි දොඩමින්, “ඔබ දෙදෙන සමිඳාණන් වහන්සේගේ සෙනඟ මරාදැමුවහු ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:41
18 හුවමාරු යොමු  

එබැවින් උන්වහන්සේ: ඔවුන් විනාශකරන්නෙමියි කීසේක. උන්වහන්සේ ඔවුන් විනාශ නොකරන ලෙස උන්වහන්සේගේ උදහස පහකරන පිණිස, උන්වහන්සේ විසින් තෝරාගත් මෝසෙස් උන්වහන්සේ ඉදිරියේ කෝප දොරටුවෙහි නොසිටියේ නම්, එසේ කරනවා ඇත.


සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව කොඳුළෝය. මුළු සභාව ඔවුන්ට කථාකර: අහෝ අපි මිසර දේශයෙහි මළෙමු නම් යහපත; නොහොත් මේ කාන්තාරයෙහි මළෙමුනම් යහපත.


සෙනඟටද ව්‍යවස්ථාවටද මේ ස්ථානයටද විරුද්ධව සියලු තැන්වල සියල්ලන්ට උගන්වන්නාවූ මනුෂ්‍යයා මොහුය. එපමණකුත් නොව ග්‍රීක්වරුන්ද දේවමාළිගාවට කැඳවාගෙනවිත්, ඔහු මේ ශුද්ධස්ථානය අපවිත්‍රකෙළේයයි මොරගසා කීවෝය.


මේ නාමයෙන් නූගන්වන්ට නුඹලාට තදින් ආඥාකෙළෙමුව. එහෙත් නුඹලා නුඹලාගේ ඉගැන්වීමෙන් යෙරුසලම පුරවා, ඒ මනුෂ්‍යයාගේ ලේ අප පිට පමුණුවන්ට සාදන්නහුයයි ඔවුන්ට කීවේය.


මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය.


එකල බෙතෙල්හි පූජකවූ අමශියා ඉශ්‍රායෙල්හි රජවූ යෙරොබොවම්ට කියා යවනුයේ: ආමොස් ඔබට විරුද්ධව ඉශ්‍රායෙල් වංශය අතරෙහි කුමන්ත්‍රණයකර තිබේ. ඔහුගේ සියලු වචන දරන්ට දේශයට බැරිය.


ස්වාමීන්වහන්ස, ඔබගේ හස්තය ඔසවා තිබෙන නුමුත් ඔව්හු නොදකිති. එහෙත් සෙනඟ උදෙසා ඇති ඔබගේ ජ්වලිතය දැක ඔව්හු ලජ්ජාවන්නෝය; එසේය, ගින්න ඔබගේ සතුරන් දවා දමන්නේය.


ඔව්හු උන්වහන්සේගේ ක්‍රියා වහාම සිහිනැතිකරමින්, උන්වහන්සේගේ මන්ත්‍රණය බලානොසිටියෝය.


තවද ආහබ් එලියා දුටු විට ඔහුට කථාකොට: ඉශ්‍රායෙල් කලඹන තැනැත්තේ නුඹදැයි ඔහුට කීවේය.


ගෞරවය සහ අගෞරවය කරණකොටගෙනද, අපකීර්තිය සහ කීර්තිය කරණකොටගෙනද, වංචාකාරයන් මෙන් පෙනෙන නුමුත් සත්‍යවාදී අය මෙන්ද;


කල්දිවරුන් විසින් අප මරන්ටත් බබිලෝනියට අප අල්ලා ගෙනයන්ටත් ඔවුන්ගේ අතට අප පාවාදෙන පිණිස නේරියාගේ පුත්‍රවූ බාරුක් අපට විරුද්ධව නුඹ පොළඹවන්නේයයි කීවෝය.


අධිපතීහු රජුට කථාකොට: මේ මනුෂ්‍යයා මරනු ලැබේවා; මක්නිසාද මෙසේ මෙබඳු වචන කීමෙන් මොහු නුවර ඉතුරුව සිටින යුද්ධකාරයන්ගේ අත්ද මුළු සෙනඟගේ අත්ද බෙලහීනකරයි. එසේය, මේ මනුෂ්‍යයා මේ සෙනඟට ශුභසිද්ධිය නොව අන්තරායකරන්ට හදන්නේයයි කීවෝය.


නුඹලා නොකොඳුරන්න, ඔවුන්ගෙන් සමහරෙක් කොඳුරා, විනාශකයාගෙන් නාස්තිවුණෝය.


මොව්හු මැසිවිලි කියන්නෝය, කොඳුරන්නෝය, තමුන්ගේ තෘෂ්ණාවල් අනුව හැසිරෙන්නෝය, (ඔවුන්ගේ කටින් මහත් උඩඟු වචන කියමින්,) ප්‍රයෝජනය පිණිස මනුෂ්‍යයන්ගේ තරාතිරම් සලකන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්