Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 16:40 - Sinhala Revised Old Version

40 ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කියෙවු ලෙස ආරොන්ගේ වංශයෙහි නොවූ අන්‍ය කෙනෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන්ට ළංවී කෝරා හා ඔහුගේ සමාගම මෙන් නොවන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමක් කොට පූජාසනයට වැස්මක් සඳහා ඒවා තළා තහඩු සෑදූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 එසේ කෙළේ ආරොන්ගේ වංශයට අයිති නැති අන් කෙනෙකු සමිඳාණන් වහන්සේ ඉදිරියට සුවඳ දුම් පිදීම සඳහා ළඟා නොවිය යුතු බව සිහිගැන්වීමේ සිද්ධිය ඉශ්රායෙල් ජනයාට අනුස්මරණයක් වීම සඳහා ය. යමෙකු එසේ කළොත්, කෝරාට සහ ඔහුගේ පිරිසට වූ දේ ඔහුටත් වනු ඇත. මේ සියල්ල සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් එලෙයාසර්ට වදාළ පරිදි ඉටු විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 එසේ කෙළේ ආරොන්ගේ වංශයට අයිති නැති අන් කෙනෙකු සමිඳාණන් වහන්සේ ඉදිරියට සුවඳ දුම් පිදීම සඳහා ළඟා නොවිය යුතු බව සිහිගැන්වීමේ සිද්ධිය ඉශ්රායෙල් ජනයාට අනුස්මරණයක් වීම සඳහා ය. යමෙකු එසේ කළොත්, කෝරාට සහ ඔහුගේ පිරිසට වූ දේ ඔහුටත් වනු ඇත. මේ සියල්ල සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් එලෙයාසර්ට වදාළ පරිදි ඉටු විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:40
16 හුවමාරු යොමු  

ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් තමුන්ගේ පූජක තනතුර පවත්වන පිණිස ඔවුන් පත්කරන්න. ළංවෙන අන්‍යයා මරනු ලැබිය යුතුයයි කීසේක.


ඔවුන්ට දුක්වේ! මක්නිසාද ඔව්හු කායින්ගේ මාර්ගයෙහි ගමන්කර, කුලී පිණිස බාලාම්ගේ මුළාවෙහි වේගයෙන් දිවගොස්, කෝරාගේ විරුද්ධ–කථාවේදී විනාශවූවෝය.


නැගෙනහිර පැත්තෙහි මණ්ඩපයට ඉස්සරහපිටින් නැගෙන ඉරට සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට කඳවුරු බැඳගන්නෝනම් මෝසෙස් හා ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද වෙත්. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙනුවට ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝය; ළංවන්නාවූ අන්‍යයා මරනු ලබන්නේය.


මණ්ඩපය ගෙනයන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක බාගන්නෝය. මණ්ඩපය පිහිටුවන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක පිහිටුවන්නෝය. අන්‍යයෙක් ළංවුණොත් ඔහු මරනු ලැබිය යුතුය.


අන්‍යවූ කිසිවෙක් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය. පූජකයා ළඟ සිටින ආගන්තුකයෙක්වත් කුලියට ගත් වැඩකාරයෙක්වත් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය.


තවද ආරොන් මෙන් දෙවියන්වහන්සේ විසින් කැඳවාගන්න අය මිස වෙන කවුරුවත් ඒ ගෞරවය තමාටම නොගන්නේය.


එසේ පූජකවූ එලෙයාසර් දාගියවුන් ඔප්පුකළ පිත්තල ධූප භාජන අරගත්තේය.


නුඹලා ඔවුන්ට කථාකර: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි යොර්දානේ ජලය බෙදී ගිය නිසාය; පෙට්ටිය යොර්දානෙන් මෙතරට එන විට යොර්දාන් ජලය බෙදී ගියේය. මේ ගල්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සදාකාල සිහිවීමක් පිණිස වන්නේයයි කියන්නැයි කීවේය.


මොව්හු පෙළපත් වශයෙන් ගණන් ගන්නාලද ලේඛනයෙහි තමුන්ගේ නම් සෙවූ නුමුත් සම්බනූණ බැවින් අපවිත්‍ර යයි සලකනු ලැබ, පූජක තනතුරෙන් අහක්කරනු ලැබුවෝය.


ඉස්සරහ පැත්ත උතුරු දෙසට තිබෙන කාමරය පූජාසනයේ සේවය පවත්වන පූජකයන්ටත්ය. ඔව්හු වනාහි ස්වාමීන්වහන්සේට සේවය කරන්ට උන්වහන්සේ ළඟට පැමිණෙන ලෙවීගේ පුත්‍රයන්ගෙන්වූ ශාදොක්ගේ පුත්‍රයෝයයි මට කීවේය.


මට සේවයකරන්ට මා ළඟට පැමිණෙන්නාවූ, ශාදොක්ගේ වංශයේ ලෙවීවරුවූ පූජකයන්ට පාප පූජාවක් පිණිස තරුණ ගොනෙක් දෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


එම්බා ආරොන්ගේ වංශය, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව්. ඔවුන්ගේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්