Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 16:39 - Sinhala Revised Old Version

39 එසේ පූජකවූ එලෙයාසර් දාගියවුන් ඔප්පුකළ පිත්තල ධූප භාජන අරගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 පූජක එලෙයාසර් දැවී ගිය අය පිදූ ලෝකඩ ධූම පාත්‍ර රැගෙන, පූජාසනය වැසීම සඳහා ඒවායින් පැතලි තහඩු සෑදී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 පූජක එලෙයාසර් දැවී ගිය අය පිදූ ලෝකඩ ධූම පාත්‍ර රැගෙන, පූජාසනය වැසීම සඳහා ඒවායින් පැතලි තහඩු සෑදී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:39
5 හුවමාරු යොමු  

තමුන්ගේම ප්‍රාණවලට විරුද්ධවුණ මේ පව්කාරයන්ගේ ධූප භාජනවලින් පූජාසනය වැසීමට තළාපු තහඩු සාදනු ලැබේවා. ඔවුන් ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළ බැවින් ඒවා ශුද්ධය. ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ලකුණක් පිණිස වන්නේයයි කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කියෙවු ලෙස ආරොන්ගේ වංශයෙහි නොවූ අන්‍ය කෙනෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන්ට ළංවී කෝරා හා ඔහුගේ සමාගම මෙන් නොවන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමක් කොට පූජාසනයට වැස්මක් සඳහා ඒවා තළා තහඩු සෑදූහ.


ඔහුට විරුද්ධව සිටිමින්, ඔහුට කථාකොට: උස්සියානි, සුවඳ දුම් ඔප්පුකිරීමට කැපකරනලද ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ට මිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකිරීම ඔබට අයිති වැඩක් නොවේ. ශුද්ධස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ඔබ වරද කෙළෙහිය; මෙය දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් ඔබට ගෞරව පිණිස නොවන්නේයයි කීවෝය.


මොව්හු පෙළපත් වශයෙන් ගණන් ගන්නාලද ලේඛනයෙහි තමුන්ගේ නම් සෙවූ නුමුත් සම්බනූණ බැවින් අපවිත්‍ර යයි සලකනු ලැබ, පූජක තනතුරෙන් අහක්කරනු ලැබුවෝය.


නාදාබ් සහ අබීහු තමුන්ගේ පියාට පළමුවෙන් මැරුණෝය, ඔවුන්ට පුත්‍රයෝ නොසිටියෝය. ඒ නිසා එලෙයාසර් සහ ඊතාමාර් පූජක තනතුරේ වැඩ කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්