Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 16:29 - Sinhala Revised Old Version

29 සියලු මිනිසුන්ට පොදුවූ මරණයකින් මේ මනුෂ්‍යයන් මැරුණොත් නොහොත් සියලු මිනිසුන්ට සිද්ධවන දේ මොවුන්ට සිද්ධවුණොත් ස්වාමීන්වහන්සේ මා නොඑවුසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 සියල්ලන්ට පොදු වූ මරණයට මේ මිනිසුන් පාත්‍ර වී, පොදු ඉරණමට ලක් වූවොත්, සමිඳාණන් වහන්සේ මා නො එවූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 සියල්ලන්ට පොදු වූ මරණයට මේ මිනිසුන් පාත්‍ර වී, පොදු ඉරණමට ලක් වූවොත්, සමිඳාණන් වහන්සේ මා නො එවූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:29
11 හුවමාරු යොමු  

එම්බා සියොන් දියණිය, නුඹේ අයුතුකමේ දඬුවම ඉෂ්ටවිය; උන්වහන්සේ තවත් නුඹ වාලට ගෙන නොයනසේක. එම්බා ඒදොම් දියණිය, උන්වහන්සේ නුඹේ අයුතුකමට දඬුවම්කරනසේක; නුඹේ පව් එළිදරව්කරනසේක.


මීකායාද: ඔබ ඇත්තටම සමාදානයෙන් හැරී ආවොත්, ස්වාමීන්වහන්සේ මා ලවා කථාකෙරෙවුවේ නැත. ජනයිනි, නුඹලා සියල්ලෝම අසන්නැයි කීවේය.


මේ කාරණා නිසා මම දඬුවම් නොකර සිටින්නෙම්ද? මෙබඳු ජාතියකින් මාගේ ආත්මය පළි නොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


පළිගැනීමේ දවසේදීත් දුරින් එන විනාශයේදීත් නුඹලා කුමක් කරන්නහුද? උපකාර ලැබීම පිණිස නුඹලා කා ළඟට පලායන්නහුද? නුඹලාගේ තේජස කොතැන තබා යන්නහුද?


මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයන්ට සිද්ධවෙන්නේ තිරිසනුන්ට සිද්ධවෙන දේමය; ඔවුන්ට සිද්ධවෙන්නේ එක දෙයක්ය. උන් නසින්නාක්මෙන් ඔව්හුත් නසින්නෝය; එසේය, සියල්ලන්ටම ඇත්තේ එක හුස්මය; මෙසේ තිරිසනුන්ට වඩා මනුෂ්‍යයාට වාසියක් නැත. මක්නිසාද සියල්ලම නිෂ්ඵලකමක්ය.


නුමුත් දැන් උන්වහන්සේ උදහසින් දඬුවම් නොකළ නිසාත්, අපරාධය තදලෙස නොසලකන නිසාත්,


මීකායාද: ඔබ ඇත්තටම සමාදානයෙන් හැරී ආවොත් ස්වාමීන්වහන්සේ මා ලවා කථාකෙරෙවුවේ නැතැයි කියා: ජනයෙනි, නුඹලා සියල්ලෝම අසන්නැයි කීවේය.


දැන් නුඹ ගොස් මා විසින් නුඹට කී ස්ථානයට සෙනඟ ගෙනයන්න. බලව, මාගේ දූතයා නුඹට පෙරටුව යන්නේය, එහෙත් මා විසින් ප්‍රතිඵල දෙන දවසේදී ඔවුන්ගේ පාපය ගැන ඔවුන්ට දඬුවම් කරන්නෙමියි මෝසෙස්ට කීසේක.


ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,


යමෙක් ඔවුනට අනතුරුකරන්ට කැමතිවේ නම්, ඔවුන්ගේ කටින් ගිනි නික්ම ඔවුන්ගේ සතුරන් විනාශකරයි. යමෙක් ඔවුන්ට අනතුරුකරන්ට කැමතිවන්නේ නම් ඔහු මෙලෙස මරනු ලබන්ට ඕනෑය.


තවද සවස යාගය ඔප්පු කරන වේලාවේ එලියා අනාගතවක්තෘතෙමේ ළංවී කථාකොට: ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ බවද මා ඔබගේ සේවකයා බවද මා මේ දේ කළේ ඔබගේ වචනය ලෙස බවද අද දැනගන්ට ලැබේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්