Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 15:41 - Sinhala Revised Old Version

41 නුඹලාගේ දෙවියන්වහන්සේ වන පිණිස මම මිසර දේශයෙන් නුඹලා ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 දෙවි සමිඳාණන් වහන්සේ මම ය. නුඹලාගේ දෙවියන් වන පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 දෙවි සමිඳාණන් වහන්සේ මම ය. නුඹලාගේ දෙවියන් වන පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 15:41
11 හුවමාරු යොමු  

නුමුත් ඔව්හු දැන් වඩා උතුම්වූ, එනම් ස්වර්ගීයවූ රටකට ආශා ඇත්තෝය. එබැවින් දෙවියන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්වහන්සේයයි කියනු ලබන්ට ලජ්ජා නොවනසේක. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ට නුවරක් සූදානම්කළසේක.


උන්වහන්සේ ජාතීන්ගේ දේශයන් ඔවුන්ට දුන්සේක; ඔව්හු මනුෂ්‍ය වර්ගයන්ගේ උත්සාහයේ ලාභය අයිතිකරගත්තෝය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.


මම වනාහි කානාන් දේශය නුඹලාට දී නුඹලාගේ දෙවියන්වහන්සේ වන පිණිස නුඹලා මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


නුඹලා විශුද්ධකරන ස්වාමීන්වහන්සේය, නුඹලාගේ දෙවියන්වහන්සේ වන පිණිස නුඹලා මිසර දේශයෙන් ගෙනාවෙමි. මම ස්වාමීන්වහන්සේයයි කීසේක.


නුඹලා මාගේ සියලු ආඥා සිහිකොට ඒවා පවත්වමින් නුඹලාගේ දෙවියන්වහන්සේට ශුද්ධව සිටින පිණිසත්, එබඳු දාවල්ලක් නුඹලාට තිබේවා.


ලෙවීගේ පුත්‍රවූ කොහාත්ගේ පුත්‍රයා වන ඉශ්හාර්ගේ පුත්‍රයාවූ කෝරාද රූබෙන් පුත්‍රයෝ වන එලියාබ්ගේ පුත්‍රයෝවූ දාතාන් හා අබීරාම්ද පෙලෙත්ගේ පුත්‍රවූ ඕන්ද,


නුඹලා මාගේ සෙනඟ කොට පිළිගෙන නුඹලාට දෙවිකෙනෙක් වන්නෙමි. මෙසේ මම මිසරවරුන්ගේ බරවලින් නුඹලා පිටතට ගෙනෙන නුඹලාගේ දෙවිවූ යෙහෝවඃවහන්සේ බව නුඹලා දැනගන්නහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්