Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 15:2 - Sinhala Revised Old Version

2 නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියන්න–මා විසින් නුඹලාට දෙන නුඹලාගේ වාස භූමිය වන්නාවූ දේශයට නුඹලා පැමිණි කල්හි,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘මා නුඹලාට දෙන්නට යන නුඹලාගේ වාස භූමිය වන රටට පැමිණි කල

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘මා නුඹලාට දෙන්නට යන නුඹලාගේ වාස භූමිය වන රටට පැමිණි කල

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 15:2
8 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මා විසින් නුඹලාට දෙන දේශයට නුඹලා අවුත් එහි ගොයම් කපන කල නුඹලාගේ ශස්‍යයෙන් නාඹුල් ඵල මිටිය පූජකයා වෙතට ගෙනෙන්න.


නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියන්න–මා විසින් නුඹලා පමුණුවන දේශයට නුඹලා ඇතුල්ව,


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–මා විසින් නුඹලාට දෙන දේශයට නුඹලා පැමිණි කල දේශය ස්වාමීන්වහන්සේට සබතක් පවත්වන්නීය.


මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන නියම වාසස්ථානයටත් උරුමයටත් නුඹලා තවම පැමුණුණේ නැත.


නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකරගැනීමට දෙන දේශයේදී නුඹලා භූමිය මතුපිට ජීවත්වෙන සියලුම දවස්වල නුඹලා විසින් රක්ෂාකරන පිණිස බලාගන්ට ඕනෑවූ පනත්ද විනිශ්චයවල්ද මේවාය.


නුඹලාට භුක්තියක් පිණිස මා විසින් දෙන කානාන් දේශයට නුඹලා පැමුණුණ කල්හි නුඹලා භුක්තිවිඳින දේශයේ ගෙයකට මම කුෂ්ඨරෝගය පැමිණෙවුවෙම්නම්,


තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්