Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 15:15 - Sinhala Revised Old Version

15 මුළු සභාවට එනම් නුඹලාටත් නුඹලා සමඟ සිටින විදේශියාටත් එක පනතක් වන්නේය. එය නුඹලාගේ පරම්පරාවලට සදාකාල පනතක්ය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා යම් ආකාරද විදේශියාත් එයාකාරව සිටීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඉශ්රායෙල් ජනයා වන නුඹලාටත්, නුඹලා සමඟ කලකට වසන විදේශිකයන්ටත් ඉදිරියට සදහට ම එක ම නියෝගයක් වලංගු වනු ඇත. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලා සහ විදේශිකයන් එක සමාන වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඉශ්රායෙල් ජනයා වන නුඹලාටත්, නුඹලා සමඟ කලකට වසන විදේශිකයන්ටත් ඉදිරියට සදහට ම එක ම නියෝගයක් වලංගු වනු ඇත. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලා සහ විදේශිකයන් එක සමාන වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 15:15
17 හුවමාරු යොමු  

වැරදිල්ලකින් යමක් කරන අය ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වදේශියෙක් වුණත් ඔවුන් අතරෙහි වසන විදේශියෙක් වුණත් ඔවුන් ගැන එක ව්‍යවස්ථාවක් නුඹලාට වන්නේය.


විදේශියෙක් නුඹලා අතරෙහි පදිංචිව සිට ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන්ට කැමතිනම් ඔහු පාස්කුවේ පනතද ඒකේ නියෝගයද ප්‍රකාර එය පැවැත්විය යුතුය. විදේශියෙක් වේවා ස්වදේශියෙක් වේවා නුඹලාට එකම පනතක් තිබිය යුතුයයි කීසේක.


දේශයෙහි උපන් තැනැත්තාටත් නුඹලා අතරෙහි විදේශීව සිටින්නාටත් එක ව්‍යවස්ථාවක් වන්නේයයි කීසේක.


නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ.


තවද ඔහු මේ කාරණය එදා පටන් අද දක්වා ඉශ්‍රායෙල් කෙරෙහි පනතක් හා නියෝගයක් කොට නියමකෙළේය.


පූජකයෝවූ ආරොන්ගේ පුත්‍රයෝ හොරණෑ පිඹිත්වා; ඒවා නුඹලාගේ පරම්පරාවල නුඹලාට නිරන්තර පනතක් පිණිස වන්නේය.


ස්වදේශියාට මෙන් විදේශියාටද එක විනිශ්චය ක්‍රමයක් නුඹලාට තිබෙන්ට ඕනෑය. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: පාස්කු නියෝගය මේය. කිසි විදේශියෙක් එයින් නොකෑ යුතුය.


මේ දෙය නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් සදාකාලේටම නියෝගයක් කොට පවත්වන්න.


මේ දවස නුඹලාට සිහිවීම් උත්සවයක් පිණිස වන්නේය, නුඹලා එය ස්වාමීන්වහන්සේට මංගල්‍ය දවසක් කොට පවත්වන්න. එය නුඹලාගේ සියලු පරම්පරාවල නියෝගයකින් මංගල්‍යයක් කොට සෑමකල්හිම පවත්වන්න.


එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මඡේද්‍යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුළ සිටිනසේක.


ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: බලව, මාගේ එසවීමේ පූජාවල භාරය එනම් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කැපකරනලද සියලුම දේවල් නුඹට සහ නුඹේ පුත්‍රයන්ටද ආලේපකිරීම හේතුකොටගෙන සදාකාලයටම නියම කොටසක් කොට මා විසින් දී තිබේ.


නුඹලා සමඟ සිටින විදේශියෙක් නුමුත් නුඹලාගේ පරම්පරාවල නුඹලා අතරෙහි සිටින වෙන කවුරු නුමුත් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් ඔප්පුකරන විට නුඹලා කරන්නාක්මෙන් ඔහුද කළ යුතුය.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වන විට හෝ ශුද්ධ ස්ථානයෙහි සේවය කරන පිණිස පූජාසනයට ළංවන විට හෝ ඔවුන් අපරාධය දරා නොනසින පිණිස ඔවුන් ඒවා ඇඳගන සිටිය යුතුය. මේක ඔහුටද ඔහුට පසුව ඔහුගේ වංශයටද නිරන්තර පනතක් වන්නේය.


සියලු ඉශ්‍රායෙල්වරුද ඔවුන්ගේ වැඩිමහල්ලෝද මුලාදෑනීහුද විනිශ්චයකාරයෝද ස්වදේශියා සේම විදේශියාද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉසුලූ ලෙවීවරුන්වූ පූජකයන් ඉදිරියෙහි ගිවිසුම් පෙට්ටිය දෙපැත්තේ සිටියෝය; දෙකෙන් කොටසක් ගෙරිසීම් කන්ද ඉදිරිපිටය, දෙකෙන් කොටසක් ඒබාල් කන්ද ඉදිරිපිටය. මෙසේ කළේ පළමුකොටම ඉශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතුය කියා ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් අණකළ හැටියටය.


ඒ දවස් දෙක ගැන ලියූ ප්‍රකාරයටත් ඒවායේ නියම කාලයේ ප්‍රකාරයටත් ඒවා අවුරුද්දෙන් අවුරුද්ද නොවරදවා පවත්වන ලෙසද, පරම්පරාවෙන් පරම්පරාවට එක එක පවුල විසිනුත් එක එක රටෙත් එක එක නුවරත් ඒ දවස් සිහිකර පවත්වන ලෙසද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්