Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 14:40 - Sinhala Revised Old Version

40 පසුවදා ඔව්හු අලුයම නැගිට කථාකර: මෙන්න, අපි මෙහිය, ස්වාමීන්වහන්සේ පොරොන්දුවූ ස්ථානයට නැගී යමුව, මක්නිසාද අපි පව්කෙළෙමුයයි කියා කන්ද මුදුනට නැගී ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 ඔව්හු පසු දින අලුයම නැඟිට, කඳුකර ප්‍රදේශයට යන්නට සූදානම් වෙමින්, “මෙන්න, දැන් අපි සමිඳාණන් වහන්සේ අපට පොරොන්දු වූ ස්ථානයට නැඟී යමු. අපි පව් කෙළෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 ඔව්හු පසු දින අලුයම නැඟිට, කඳුකර ප්‍රදේශයට යන්නට සූදානම් වෙමින්, “මෙන්න, දැන් අපි සමිඳාණන් වහන්සේ අපට පොරොන්දු වූ ස්ථානයට නැඟී යමු. අපි පව් කෙළෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 14:40
8 හුවමාරු යොමු  

එවිට නුඹලා උත්තරදෙමින්: අපි ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළමුව, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකළ සියල්ල ලෙස අපි ගොස් සටන්කරන්නෙමුයයි මට කියා නුඹලා එකිනෙකා තමතමාගේ යුද්ධායුධ බැඳගෙන අහංකාරයෙන් කන්දට නැගීයන්ට සෑදී සිටියහුය.


ගෙයි ස්වාමීයා නැගිට දොර වැසුවායින් පසු, නුඹලා පිටත සිට දොරට තට්ටුකරන්ට පටන්ගෙන: ස්වාමීනි, අපට දොර ඇරිය මැනවයි කියන කල, උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා කොතැනින් ආවාද කියා නොදනිමියි නුඹලාට කියන්නේය.


ඉර යට කෙරෙන සියල්ල අතරේ ඇති නරකක් නම් සියල්ලන්ට එක සිද්ධියක් ඇතිවීමය. එසේ මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන් ජීවත්වන තෙක් මෝහය ඔවුන්ගේ සිත්වල තිබේ, ඉන්පසු ඔව්හු මළවුන් ළඟට යන්නෝය.


එහෙත් ස්වදේශියාවත් විදේශියාවත් එඩි සිතින් යමක් කරන්නේනම්, ඒ අය ස්වාමීන්වහන්සේට අපහාස කරන බැවින්, ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.


බාලාම්ද: ඔබ මට විරුද්ධව මාර්ගයෙහි සිටි බව මා නොදත් බැවින් පව්කෙළෙමි. ඉදින් ඔබ අසතුටුනම් හැරීයන්නෙමියි ස්වාමීන්වහන්සේගේ දූතයාට කීවේය.


මම නුඹලාට එසේ කීමි, එහෙත් නුඹලා නොඅසා ස්වාමීන්වහන්සේගේ අණට විරුද්ධව කැරළිගසා හිතුවක්කාරකමින් කන්දට නැගී ගියහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්