Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 14:27 - Sinhala Revised Old Version

27 මට විරුද්ධව කොඳුරන මේ දුෂ්ට සභාව ගැන කොපමණ කල් ඉවසම්ද? ඉශ්‍රායෙල් පුත්‍රයන් මට විරුද්ධව කොඳුරන ඔවුන්ගේ කෙඳිරීම් ඇසීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 “මට විරුද්ධ ව මැසිවිලි කියන මේ නපුරු ජනතාව ගැන මම කොපමණ කල් ඉවසම් ද? ඉශ්රායෙල් ජනයා මට විරුද්ධ ව කී මැසිවිලි මා අසා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 “මට විරුද්ධ ව මැසිවිලි කියන මේ නපුරු ජනතාව ගැන මම කොපමණ කල් ඉවසම් ද? ඉශ්රායෙල් ජනයා මට විරුද්ධ ව කී මැසිවිලි මා අසා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 14:27
11 හුවමාරු යොමු  

මම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කෙඳිරීම් ඇසීමි. නුඹලා සවස මාංස කන්නහුය, උදය රොටිවලින් තෘප්තියට පැමිණෙන්නහුය; මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුයයි ඔවුන්ට කියවයි කීසේක.


නුඹලා නොකොඳුරන්න, ඔවුන්ගෙන් සමහරෙක් කොඳුරා, විනාශකයාගෙන් නාස්තිවුණෝය.


උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති පරම්පරාව, කොපමණ කල් නුඹලා සමඟ සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? ඔහු මා ළඟට ගෙනෙන්නැයි කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මේ සෙනඟ කොපමණ කල් මා හෙළාදකින්නෝද? ඔවුන් අතරෙහි මා විසින් කළ සියලු ලකුණු දැකලාවත් කොපමණ කල් ඔව්හු මා අදහා නොගෙන සිටින්නෝද?


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹලා මාගේ ආඥාද ව්‍යවස්ථාද පවත්වන්ට කොපමණ කල් අකැමැතිව සිටිනවාද?


යේසුස්වහන්සේ ඇවිත් ඔවුන්ට අතගසා: නැගිටින්න, භය නොවෙන්නැයි කීසේක.


උදය ස්වාමීන්වහන්සේගේ තේජස දකින්නහුය; මක්නිසාද ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹලාගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසෙයි. නුඹලා අපට විරුද්ධව කොඳුරන්ට අපි කවුරුදැයි කීවෝය.


සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කොඳුරන්නන් මෙන් දොස්කියමින් සිටියෝය. ස්වාමීන්වහන්සේට එය ඇසුණු කල උන්වහන්සේගේ උදහස ඇවුළුණේය; ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ පත්තුවී කඳවුරු සීමාවෙහි දැවෙමින් ගියේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ටද කථාකොට:


තවද මෝසෙස් ආරොන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ නුඹලාගේ කෙඳිරීම් ඇසූ හෙයින් උන්වහන්සේ ඉදිරියට ළංවෙන්නැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කියන්නැයි කීය.


නුඹලාගේ මුඛයෙන් නුඹලා මට විරුද්ධව ගරුකම් කියා මට විරුද්ධව නුඹලාගේ වචන වැඩිකළහුය. මම ඒක ඇසීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්