Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -

ගණන් කථාව 14:17 - Sinhala Revised Old Version

17 එබැවින් ඔබ කථාකොට: ස්වාමීන්වහන්සේ උදහස් වීමට ප්‍රමාදවනසේක. බොහෝ දයාවෙන් යුක්තය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17-18 ඔබ වදාරා ඇති පරිදි, සමිඳාණන් වහන්සේ වන ඔබ පහසුවෙන් නොකිපෙන සුලු ය, ඉමහත් සේ දයා පාන සේක, අදමිටුකම් හා නපුරුකම් කමා කරන සේක, වැරදිකරුට දඬුවම් නොකර නොහරින සේක, පියවරුන්ගේ දමිටුකම් නිසා ඔවුන්ගේ දරු මුණුබුරන්ට තුන් වන හතර වන පරම්පරාව දක්වා දඬුවම් කරන සේක. එසේ පොරොන්දු වූ ලෙස දැන් කරුණාකර ඔබ වහන්සේගේ බලපරාක්‍රමය විදහා පෑව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

ගණන් කථාව 14:17
5 හුවමාරු යොමු  

නුමුත් සමූහයෝ ඒ දැක භයවී, මෙබඳු බලය මනුෂ්‍යයන්ට දුන් දෙවියන්වහන්සේට ගෞරවකළෝය.

නුමුත් පොළොවෙහිදී පව්කමාකරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය තිබෙන බව නුඹලා විසින් දැනගන්නා පිණිසයයි කියා: නැගිට නුඹේ ඇඳ අරගෙන නුඹේ ගෙදරට යන්නැයි අංශභාග රෝගියාට කීසේක.

එහෙත් මම වනාහි යාකොබ්ට ඔහුගේ වරදත් ඉශ්‍රායෙල්ට ඔහුගේ පාපයත් දන්වන්ට ස්වාමීන්වහන්සේගේ ආත්මය ඇතුව, බලයෙන්ද යුක්තියෙන්ද ධෛර්යයෙන්ද පූර්ණව සිටිමි.

ස්වාමීන්වහන්සේ මේ සෙනඟට දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට නොහැකිවූ බැවින් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි මරා දැමූසේකැයි කියනවා ඇත.

උන්වහන්සේ අයුතුකම හා වරද ක්ෂමාකරනසේක, එහෙත් අපරාධීන් කොයි ආකාරයකින්වත් නිර්දෝෂ නොකරනසේක; තුන්වෙනි සතරවෙනි පරම්පරාව දක්වා පියවරුන්ගේ අයුතුකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙනසේකැයි කීලෙසම ස්වාමීන්වහන්සේගේ බලය මහත් වේවා.

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්

දැන්වීම්