Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 14:12 - Sinhala Revised Old Version

12 මම වසංගතයෙන් ඔවුන්ට පහරදී, ඔවුන් අහිමිකොට, ඔවුන්ට වඩා මහත්වූ බලවත්වූ සෙනඟක් නුඹෙන් හටගන්වන්නෙමියි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 මම වසංගතයකින් ඔවුන්ට පහර දී, ඔවුන්ගේ උරුමය අහෝසි කරදමමි. ඔවුන්ට වඩා බලසම්පන්න, විශාල ජාතියක් නුඹ මඟින් ඇති කරන්නෙමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 මම වසංගතයකින් ඔවුන්ට පහර දී, ඔවුන්ගේ උරුමය අහෝසි කරදමමි. ඔවුන්ට වඩා බලසම්පන්න, විශාල ජාතියක් නුඹ මඟින් ඇති කරන්නෙමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 14:12
9 හුවමාරු යොමු  

එබැවින් මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී ඔවුන් විනාශකරන පිණිස මට ඉඩහරින්න; මම නුඹෙන් මහත් ජාතියක් උපදවන්නෙමියි මෝසෙස්ට කීසේක.


නැවත ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. උන්වහන්සේද: ගොස් ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද ගණන්කරන්නැයි කියමින් දාවිත් ඔවුන්ට විරුද්ධව පෙළෙඹවුසේක.


වසංගතයෙන් මැරුණු අය විසිහතර දහසක්ය.


ඔව්හුද: හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ අපට සම්මුඛවූසේක. උන්වහන්සේ වසංගතය හෝ කඩුව හෝ ඇතුව අපට විරුද්ධව නොපැමිණෙන පිණිස අප තුන් දවසක ගමන් වනාන්තරයට ගොස් අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන්ට අවසර ලැබේවයි කීවෝය.


මම ගිවිසුම ගැන පළිගන්නාවූ කඩුවක් නුඹලා පිටට පමුණුවන්නෙමි; නුඹලා නුඹලාගේ නුවරවල රැස්ව සිටින කල්හි නුඹලා අතරට වසංගතය පමුණුවන්නෙමි; නුඹලාද නුඹලාගේ සතුරාගේ අතට පාවාදෙනු ලබන්නහුය.


ස්වාමීන්වහන්සේ නුඹ හිමිකරගන්ට යන භූමිය මතුපිටින් නුඹ නැතිකර දමන තුරුම වසංගතය නුඹට ඇලී තිබෙන්ට සලස්වනසේක.


නුමුත් ඉශ්‍රායෙල් වංශය කාන්තාරයේදී මට විරුද්ධව කැරළිගසා, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මාගේ විනිශ්චයන් එපාකළෝය; මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය; ඔව්හු මාගේ සබත් බොහෝසෙයින් කෙලසුවෝය. එවිට ඔවුන් නැතිකරදැමීමට කාන්තාරයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවන්ට සිතුවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්