Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 14:10 - Sinhala Revised Old Version

10 එහෙත් මුළු සභාව ගල්ගසා ඔවුන් මරන්ට කීහ. ස්වාමීන්වහන්සේගේ මහිමයද සම්මුඛවීමේ කූඩාරමේදී සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙනුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එහෙත්, මුළු ජනතාව ගල් ගසා ඔවුන් මැරීමට ලකලෑස්ති වූ හ. එවිට මුළු ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි සම්මුඛ මණ්ඩපය මත සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දර්ශනය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එහෙත්, මුළු ජනතාව ගල් ගසා ඔවුන් මැරීමට ලකලෑස්ති වූ හ. එවිට මුළු ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි සම්මුඛ මණ්ඩපය මත සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දර්ශනය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 14:10
14 හුවමාරු යොමු  

මෝසෙස් ස්වාමීන්වහන්සේට මොරගසා: මේ සෙනඟ ගැන කුමක් කෙරෙම්ද? ඔව්හු මට ගල් ගසන්ට මෙන් සෑදී සිටිතියි කීය.


මෝසෙස් සහ ආරොන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්ව පිටට අවුත් සෙනඟට ආශීර්වාද කළෝය. එවිට ස්වාමීන්වහන්සේගේ මහිමය මුළු සෙනඟට පෙනුණේය.


ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කථාකළ කල්හි ඔව්හු වනාන්තරය දෙස බැලුවෝය, බලව, ස්වාමීන්වහන්සේගේ තේජස වලාකුළෙහි පෙනුණේය.


අනේ අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ළඟට එවූවන්ට ගල්ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකර ගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් නුඹලා කැමතිවුණේ නැත.


දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.


මෝසෙස් හා ආරොන් සභාව ඉදිරියෙන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ගොස් මුහුණින් වැටුණෝය. ස්වාමීන්වහන්සේගේ තේජස ඔවුන්ට පෙනුණේය.


තවද සභාව මෝසෙස් සහ ආරොන්ට විරුද්ධව රැස්ව සිටිද්දී ඔව්හු සම්මුඛවීමේ කූඩාරම දෙස බැලූ කල වලාකුළක් ඒක වසාගෙන තිබුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද දෘශ්‍යමාන විය.


කෝරාද ඔවුන්ට විරුද්ධව මුළු සභාව සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට රැස් කෙළේය. එවිට ස්වාමීන්වහන්සේගේ තේජස මුළු සභාවට පෙනුණේය.


උදය ස්වාමීන්වහන්සේගේ තේජස දකින්නහුය; මක්නිසාද ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹලාගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසෙයි. නුඹලා අපට විරුද්ධව කොඳුරන්ට අපි කවුරුදැයි කීවෝය.


ස්වාමිවූ යේසුස්වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනව කියා ස්තේපන් යාච්ඤාකරද්දී ඔව්හු ඔහුට ගල්ගැසුවෝය.


නුඹලාගේ පියවරුන් පීඩා නොකළේ ප්‍රොපේතවරුන්ගෙන් කොයි තැනැත්තාටද? ඔව්හු ධර්මිෂ්ඨයාණන්ගේ ඊම පළමුවෙන් දැන්වූවන් මැරුවෝය; නුඹලා දැන් උන්වහන්සේව පාවාදෙන්නන්ද මරන්නන්ද වී සිටිති;


එවිට වලාකුළ සම්මුඛවීමේ කූඩාරම වසා ගත්තේය, ස්වාමීන්වහන්සේගේ තේජසෙන් මණ්ඩපය පිරීගියේය.


මෝසෙස් ඒ සැරයටි සාක්ෂි මණ්ඩපයෙහි ස්වාමීන්වහන්සේ ඉදිරිපිට තැබුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්