Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 13:23 - Sinhala Revised Old Version

23 ඔව්හු එෂ්කොල් මිටියාවතට අවුත් එතැනින් එක මුද්‍රික පොකුරක් ඇති අත්තක් කපාගත්තෝය, දෙදෙනෙක් ඒක දණ්ඩක තඩලාගන ආවෝය; ඔව්හු දෙළුම් හා අත්තික්කාත් ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඉන්පසු ඔව්හු එෂ්කොල් මිටියාවතට අවුත්, එහි දී මිදි පොකුරක් ඇති රිකිල්ලක් කපාගෙන, එය හරස් ලීයක එල්ලා, දෙදෙනෙක් එය තඩලාගෙන ආහ. ඔව්හු දෙළුම් සහ අත්තික්කා ද ගෙනාවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඉන්පසු ඔව්හු එෂ්කොල් මිටියාවතට අවුත්, එහි දී මිදි පොකුරක් ඇති රිකිල්ලක් කපාගෙන, එය හරස් ලීයක එල්ලා, දෙදෙනෙක් එය තඩලාගෙන ආහ. ඔව්හු දෙළුම් සහ අත්තික්කා ද ගෙනාවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 13:23
6 හුවමාරු යොමු  

එවිට ගැළවී ගිය කෙනෙක් ඇවිත් හෙබ්‍රෙව්වාවූ ආබ්‍රම්ට දැන්විය. හෙතෙම වනාහි එෂ්කොල්ගේ සහෝදරයාද අනෙර්ගේ සහෝදරයාදවූ අමෝරිය මම්රේගේ ආලෝන් ගස් ළඟ වාසයකෙළේය. මොව්හු ආබ්‍රම් සමඟ ගිවිසුමක් කරගෙන සිටියෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් එහිදී කපාගත් මුද්‍රික පොකුර නිසා ඒ ස්ථානයට එෂ්කොල් මිටියාවත යයි නම් තබන ලද්දේය.


ඔව්හු එෂ්කොල් මිටියාවතට ගොස් දේශය දැක ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දුන් දේශයට ඔවුන් නොපැමිණෙන ලෙස ඔවුන්ගේ සිත් කලකිරෙවුවෝය.


එය තිරිඟුද යවද මුද්‍රික වැල්ද අත්තික්කා ගස්ද දෙළුම් ගස්ද ඇති දේශයක්ය; තෙල් ඔළීවද මීපැණිද ඇති දේශයක්ය;


ඉන්පසු ඔහු සොරෙක් මිටියාවතෙහි සිටියාවූ දෙලීලා නම් ස්ත්‍රියෙකුට ආදරේවිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්