Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 13:20 - Sinhala Revised Old Version

20 දේශය සශ්‍රීකද නිශ්‍රීකද, එහි මුකළාන් ඇද්ද නැද්ද කියාත් බලන්න. නුඹලා ධෛර්යවත්ව සිට දේශයේ ඵලවලින් ගෙනෙන්නැයි කීවේය. ඒ කාලය ප්‍රථම මුද්‍රික ඵල වාරයව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඒ රට සරු ද නිසරු ද? මූකලාන් එහි ඇද්ද නැද් ද? යන වග සොයා බලන්න. තවද, ධෛර්ය ගෙන, ඒ රටේ පලතුරුවලින් යමක් ගෙනෙන්නැ”යි කීවේ ය. ඒ කාලය පළමු වරට මිදි ගෙඩි නෙළන වාරය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඒ රට සරු ද නිසරු ද? මූකලාන් එහි ඇද්ද නැද් ද? යන වග සොයා බලන්න. තවද, ධෛර්ය ගෙන, ඒ රටේ පලතුරුවලින් යමක් ගෙනෙන්නැ”යි කීවේ ය. ඒ කාලය පළමු වරට මිදි ගෙඩි නෙළන වාරය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 13:20
19 හුවමාරු යොමු  

උන්වහන්සේ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට අණකරමින්: නුඹ ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දිවුළ දේශයට නුඹ ඔවුන් ගෙනයන්නෙහිය. මමද නුඹ සමඟ සිටින්නෙමියි කීසේක.


හොඳ තෘණවලින් උන් පෝෂ්‍යකරන්නෙමි, ඉශ්‍රායෙල් කඳුවල උස් තැන්හි උන්ගේ තෘණබිම් වන්නේය. එහි හොඳ තෘණබිම්වල උන් ලගිනවා ඇත, ඉශ්‍රායෙල් කඳුවල උන් සාරවත් තෘණ කනවා ඇත.


ඔවුන් තමුන්ගේ රාජ්‍යයේදීද ඔබ ඔවුන්ට දුන් මහත් යහපත්කමින්ද ඔබ ඔවුන්ට දුන් විශාල සාරවත් දේශයේදීද ඔබට සේවයකළේවත්, තමුන්ගේ නපුරු ක්‍රියාවලින් අහක්වුණේවත් නැත.


ඔව්හු පවුරු ඇති නුවරවල්ද සාරවූ රටක්ද අල්ලාගන, සියලු ආකාර හොඳ දේවලින් පිරී තිබුණු ගෙවල්ද හෑරූ තටාකද මිදි වතුද ඔලීව වතුද ඵලදෙන බොහෝ ගස්ද හිමිකරගන, කා තෘප්තියට පැමිණ තරවී, ඔබගේ මහත් යහපත්කම කරණකොටගෙන සැපෙන් පසුවූවෝය.


මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.


අනේ, මාගේ දුකේ හැටි! මක්නිසාද ඵල නෙළාගන්ටත් මුද්‍රිකවලු තීන්දුවටම කපාගන්ටත් යෙදුණට පසු මෙන් සිටිමි. කන්ට කිසි වල්ලක්වත් මාගේ ආත්මය ආශාවන ප්‍රථම අත්තික්කා ඵලවත් නැත.


ඉතින් මාගේ පුත්‍රය, නුඹ සඵලවී, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ගැන කීලෙස උන්වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස උන්වහන්සේ නුඹ සමඟ වනසේක්වා.


යෙරිකෝවේ රජ රාහාබ් වෙත පණිවිඩයක් යවා: නුඹ වෙතට ඇවිත් නුඹේ ගෙට ඇතුල්වී සිටින මිනිසුන් පිටතට ගෙනෙන්න. මක්නිසාද ඔව්හු මුළු දේශය සොයාබලන්ට ආවෝයයි රාහාබ්ට කියා ඇරියේය.


මා විසින් නුඹට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීසේක.


ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.


ඔව්හු දේශයේ ඵලවලින් ස්වල්පයක් තමුන්ගේ අත්වල රැගෙන අප ළඟට බැස අවුත්: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දෙන දේශය හොඳය කියා අපට දැන්වූහ.


ඔවුන් වාසයකරන දේශය හොඳද නරකද කියාත්, ඔවුන් සිටින නුවරවල් කොයි ආකාරද, ඔවුන් වසන්නේ කූඩාරම්වලද බලකොටුවලද කියාත්,


ඔව්හු පිටත්වී කන්දට නැගී එෂ්කොල් මිටියාවත දක්වා ගොස් ඒක සෝදිසිකළෝය.


ඔහු හදිසියෙන් දේශයේ සාරවත් තැන්වලට පැමිණ, තමාගේ පියවරුන්වත් තමාගේ පියවරුන්ගේ පියවරුන්වත් නොකළ දේ කරන්නේය; ඔහු කොල්ලයත් උදුරා ගත් දේත් සම්පතුත් ඔවුන්ට බෙදාදෙන්නේය. කාලයක් යන තුරු බලකොටුවලට විරුද්ධව තමාගේ යෝජනාද යොදන්නේය.


නූන්ගේ පුත්‍රවූ යෝෂුවා ෂිට්ටීම්හි සිට මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔත්තුකාරයන් කොට රහසින් පිටත්කර: නුඹලා ගොස් දේශයද යෙරිකෝවද බලා එන්නැයි කීවේය. ඔව්හු ගොස් රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රියෙකුගේ ගෙට ඇතුල්ව එහි නැවතී සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්