Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 12:15 - Sinhala Revised Old Version

15 එසේ මිරියාම් කඳවුරෙන් පිටත සත් දවසක් වසා තබනලද්දීය. සෙනඟ වනාහි මිරියාම් ඇතුළට ගෙනෙන තෙක් ගමන් නොකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 දින හතකට මීරියම් කඳවුරෙන් නෙරපාදමනු ලැබුවා ය. ඈ යළි පැමිණෙන තෙක් සෙනඟ ද යන්නට පිටත් නො වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 දින හතකට මීරියම් කඳවුරෙන් නෙරපාදමනු ලැබුවා ය. ඈ යළි පැමිණෙන තෙක් සෙනඟ ද යන්නට පිටත් නො වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 12:15
9 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්ස, මම ඔබගේ ප්‍රවෘත්තිය අසා භයවීමි. ස්වාමීන්වහන්ස, අවුරුදු අතරතුරේ ඔබගේ ක්‍රියාකිරීම ප්‍රාණවත්කළ මැනව. අවුරුදු අතරතුරේ දැන්වුව මැනව; උදහසේදී අනුකම්පාව සිහිකළ මැනව.


මම නුඹ මිසර දේශයෙන් ගෙනායෙමි, වහල්කමේ ගෙයින් නුඹ මුදා, නුඹට පෙරටුවෙන් මෝසෙස්ද ආරොන්ද මිරියාම්ද ඇරියෙමි.


උන්වහන්සේ ශෝකය පමුණුවන නුමුත්, තමන්ගේ බොහෝවූ කරුණාව ලෙස අනුකම්පාකරනසේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.


පවිත්‍ර වෙන්ට සිටින්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ කේස සියල්ල බූගා වතුර නාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය. පසුව ඔහු කඳවුර තුළට අවුත් තමාගේ කූඩාරමෙන් පිටත සත් දවසක් නැවතී සිටින්නේය.


පසුව සෙනඟ හශේරොත්හි සිට පිටත්ව ගොස් පාරාන් කාන්තාරයෙහි කූඩාරම් ගසාගත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්