Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 11:8 - Sinhala Revised Old Version

8 සෙනඟ එහා මෙහා ගොස් ඒවා රැස්කරගන ඇඹරුම් ගලෙන් අඹරා නොහොත් වනේ ලා කොටා සැළියක උයා කැවිලි සෑදුවෝය. එහි රස අලුත් තෙල් රස හා සමානය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 සෙනඟ ඔබමොබ ගොස් ඒවා රැස් කොට, ගලෙන් අඹරා හෝ වංගෙඩියේ ලා කොටා හෝ බඳුන්වල පිළියෙළ කොට රොටි සෑදූ හ. එහි පිරිසිදු තෙලින් බැදූ රොටිවල මෙන් රහක් තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 සෙනඟ ඔබමොබ ගොස් ඒවා රැස් කොට, ගලෙන් අඹරා හෝ වංගෙඩියේ ලා කොටා හෝ බඳුන්වල පිළියෙළ කොට රොටි සෑදූ හ. එහි පිරිසිදු තෙලින් බැදූ පූපවල මෙන් රහක් තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 11:8
9 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් වංශය ඒවාට මන්නා යන නාමය තැබූහ. ඒවා කොත්තමල්ලි ඇට සමානය, සුදුය; එහි රස මීපැණි මිශ්‍රවූ පූප මෙනි.


නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක.


ඔහුද: ස්වාමීන්වහන්සේ කී කාරණය මේය, හෙට දවස ගරුමයවූ නිවාඩුවක්ය, ස්වාමීන්වහන්සේට ශුද්ධ සබතක්ය. පුළුස්සන දේ පුළුස්සා ගන්න, තම්බන දේ තම්බා ගන්න; ඉතුරුව තිබෙන සියල්ල පසුවදා උදය දක්වා තිබෙන්ට නුඹලා ළඟ තබාගන්නැයි ඔවුන්ට කීවේය.


ඔවුන්ට කන පිණිස ස්වර්ගයෙන් කෑම දුන්නේයයි ලියා තිබෙන ලෙස අපේ පියවරු වනයේදී මන්නා කෑවෝයයි උන්වහන්සේට කීවෝය.


යාකොබ් කෑමක් පිසමින් සිටිය විට ඒසව් වනයේ සිට ක්ලාන්තව අවුත්:


මන්නා වනාහි කොත්තමල්ලි ඇට වාගේය, එහි පැහැය මුතුවල පැහැය මෙන්ය.


රාත්‍රියෙහි කඳවුර පිට පිනි වැටුණු කල මන්නා ඒ පිට වැටුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්