Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 11:4 - Sinhala Revised Old Version

4 තවද ඔවුන් අතරේ සිටිය මිශ්‍ර සමූහයා තෘෂ්ණාවට වැටුණේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවත හඬා: අපට කන්ට මස්දෙන්නේ කවුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඉශ්රායෙල් ජනයා අතර සිටි විදේශීහූ කෑම තණ්හාවට වසඟ වූ හ. ඉශ්රායෙල් ජනයා පවා හඬන්නට පටන්ගෙන, “අපට කෑමට මස් දෙන්නේ කවුරු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඉශ්රායෙල් ජනයා අතර සිටි විදේශීහූ කෑම තණ්හාවට වසඟ වූ හ. ඉශ්රායෙල් ජනයා පවා හඬන්නට පටන්ගෙන, “අපට කෑමට මස් දෙන්නේ කවුරු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 11:4
16 හුවමාරු යොමු  

ඉඳින් ඔවුන් නපුරු දේවලට ආශාවුණාක්මෙන් අප විසිනුත් ආශා නොවන පිණිස මේ කාරණා අපට ආදර්ශ විය.


ඔවුන් සමඟ මිශ්‍ර සමූහයක්ද එළු බැටළු රැළවල් හා ගව රැළවල් යන සිව්පාවුන් රාශියක්ද ගියෝය.


වනාන්තරයේදී අධිකලෙස තෘෂ්ණාවට අසුවී, කාන්තාරයේදී දෙවියන්වහන්සේ පරීක්ෂාකළෝය.


නොරැවටෙන්න. නපුරු සමාගමනේ හොඳ චරිත නරක්වන්නේය.


තවද ඔව්හු ව්‍යවස්ථාව අසා, මුළු මිශ්‍ර සමූහයා ඉශ්‍රායෙල්ගෙන් වෙන්කළෝය.


නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔවුන්ට කථාකොට: මිසර දේශයෙහිදී මස් භාජන ළඟ හිඳ සෑහෙන පමණ කෑම කෑ විට ස්වාමීන්වහන්සේගේ අතින් අපි නැසුණෙමුනම් යහපත; මක්නිසාද මේ මුළු සමූහයා ක්ෂුධාවෙන් මරවන පිණිස නුඹලා අප මේ වනාන්තරයට ගෙනාවෝයයි කීවෝය.


මාගේ තේජසත් මිසරයෙහිදී හා කාන්තාරයෙහිදී මා විසින් දැක්වූ ලකුණුත් දුටුවාවූ මේ සියලු මනුෂ්‍යයන් මාගේ හඬට කීකරුනොවී දැන් දසවරක් මා පරීක්ෂාකළ බැවින්,


කාන්තාරයෙහි අප මරන පිණිස කිරිද මීපැණිද ගලා යන දේශයකින් නුඹ අප ගෙනාවා මදිවාට නුඹම අප කෙරෙහි අධිපතියෙක් වෙන්ටත් හදනවාද?


නැත, අපි මිසරදේශයට යන්නෙමුව; එහිදී යුද්ධයක් දකින්ටවත් හොරණෑ ශබ්දය අසන්ටවත් කෑම නැතුව බඩගින්නේ ඉන්ටවත් වෙන්නේ නැත; එහි සිටින්නෙමුයයි කියන්නහු නම්,


මම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කෙඳිරීම් ඇසීමි. නුඹලා සවස මාංස කන්නහුය, උදය රොටිවලින් තෘප්තියට පැමිණෙන්නහුය; මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුයයි ඔවුන්ට කියවයි කීසේක.


නුඹ සෙනඟට කථාකොට: හෙට දවසට පවිත්‍ර වෙන්න, එවිට නුඹලා මාංස කන්නහුය. මක්නිසාද නුඹලා: අපට මස් කන්ට දෙන්නේ කවුද? මිසරයෙහිදී අපි සැප වින්දෙමුයයි කියමින් ස්වාමීන්වහන්සේගේ කන්වලට ඇසෙන්ට වැලපුණහුය. එබැවින් ස්වාමීන්වහන්සේ නුඹලාට මාංස දෙනවා ඇත, නුඹලාද කන්නහුය.


එවිට මුළු සභාව ශබ්දනගා හැඬුවාය; සෙනඟ ඒ රාත්‍රියේ වැලපුණෝය.


තවද තාබෙරාහිදීත් මස්සාහිදීත් කිබ්‍රොත්-හත්තාවාහිදීත් නුඹලා ස්වාමීන්වහන්සේ උදහස් කළහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්