Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 11:33 - Sinhala Revised Old Version

33 නුමුත් මාංස ඔවුන්ගේ දත් අතරේ තිබෙද්දීම, ඒවා විකන්ට පළමුවෙන්, ස්වාමීන්වහන්සේගේ උදහස සෙනඟට විරුද්ධව ඇවුළුණේය, ස්වාමීන්වහන්සේ ඉතා මහත් වසංගතයකින් සෙනඟට පහරදුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 ඔවුන් ඒ මස් කටට ගෙන, එය විකන්නටත් පෙර සෙනඟට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිළී යෑමෙන්, උන් වහන්සේ මහා වසංගතයකින් සෙනඟට පීඩා කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 ඔවුන් ඒ මස් කටට ගෙන, එය විකන්නටත් පෙර සෙනඟට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිළී යෑමෙන්, උන් වහන්සේ මහා වසංගතයකින් සෙනඟට පීඩා කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 11:33
10 හුවමාරු යොමු  

වසංගතයෙන් මැරුණු අය විසිහතර දහසක්ය.


කෝරාගේ කාරණය නිසා මැරුණවුන් ඇර වසංගතයෙන් මැරුණු අය දසසතරදාස් හත්සියයක් වූහ.


සුවවිය නොහැකි ලෙස ස්වාමීන්වහන්සේ මිසරයේ ගඩුවලින්ද අර්ශස්වලින්ද පිළිකාවලින්ද හොරිවලින්ද නුඹට පහරදෙනසේක.


ඒක අත් නොහැර ඉතුරුකොට තමාගේ මුඛය තුළ තබාගන්න නුමුත්;


ඔහු තමාගේ බඩ පුරවාගන්ට හදන කල, දෙවියන්වහන්සේ තමන් බලවත් උදහස ඔහු පිට හෙළනසේක, ඔහු කෑම කන කල උන්වහන්සේ එය ඔහු පිටට වස්වනසේක.


ඔව්හු මෙසේ කා බොහෝසේ තෘප්තියට පැමිණියෝය; ඔවුන් ආශාවූ දේ උන්වහන්සේ ඔවුන්ට දුන්සේක.


මෝසෙස් එසේ කෙළේය. ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස ඔහු කෙළේය.


උන්වහන්සේ අහසෙහි පෙරදිග සුළඟ හමන්ට සැලැස්වූසේක. ස්වකීය බලයෙන් දකුණු දිග සුළඟ ගෙනාසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්