Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 11:28 - Sinhala Revised Old Version

28 මෝසෙස්ගේ මෙහෙකරුවූ ඔහුගේ තෝරාගත් මනුෂ්‍යයන්ගෙන් කෙනෙක්වූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා උත්තරදෙමින්: මෝසෙස් ස්වාමිනි, ඔවුන් තහනම්කළ මැනවයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 එවිට තරුණ වියේ පටන් මෝසෙස්ට සේවය කළ නූන්ගේ පුත්, ජෝෂුවා කතා කොට, “මා පිය මෝසෙස් තුමෙනි, ඔවුන් නවතාලන්නැ”යි ඉල්ලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 එවිට තරුණ වියේ පටන් මෝසෙස්ට සේවය කළ නූන්ගේ පුත්, ජෝෂුවා කතා කොට, “මා පිය මෝසෙස් තුමෙනි, ඔවුන් නවතාලන්නැ”යි ඉල්ලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 11:28
9 හුවමාරු යොමු  

එවිට ඔව්හු යොහන් ළඟට ඇවිත්: රබ්බි, යොර්දානෙන් එගොඩ ඔබ සමඟ සිටියාවූද ඔබගෙන් සාක්ෂි ලැබුවාවූද තැනැත්තේම බව්තීස්මකරනසේක, සියල්ලෝද උන්වහන්සේ වෙතට පැමිණෙතියි ඔහුට කීවෝය.


ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් මැරුණු පසු ස්වාමීන්වහන්සේ මෝසෙස්ගේ සේවකයා වූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට කථාකොට කියනසේක්:


මනුෂ්‍යයෙකු තමාගේ මිත්‍රයාට මුහුණට මුහුණ ලා කථාකරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ මෝසෙස් සමඟ කථාකළසේක. ඔහු නැවත කඳවුරට හැරී ආයේය. නුමුත් නූන්ගේ පුත්‍රවූ තරුණයෙක් වන ඔහුගේ සේවකයාවූ යෝෂුවා කූඩාරමෙන් අහක්ව නොගියේය.


මෝසෙස් යෝෂුවාට කථාකොට: නුඹ අපට මිනිසුන් තෝරාගෙන පිටත්ව ගොස් අමලෙක්වරුන් සමඟ සටන්කරන්න. හෙට මම දෙවියන්වහන්සේගේ සැරයටිය අතින් ගෙන හෙළ මුදුනේ සිටින්නෙමියි කීවේය.


තරුණයෙක් දිවගොස් මෝසෙස්ට කථාකොට: එල්දාද් සහ මේදාද් කඳවුරෙහි සිට දිව්‍ය වාක්‍ය කියතියි කීය.


මෝසෙස්ද ඔහුගේ සේවකවූ යෝෂුවාද නැගිට ගියෝය. මෝසෙස් දෙවියන්වහන්සේගේ කන්දට නැගුණේය.


ඔහුගේ පුත්‍රයා නූන්ය, ඔහුගේ පුත්‍රයා යෝෂුවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්