Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 11:22 - Sinhala Revised Old Version

22 ඔවුන් තෘප්තියට පමුණුවන පිණිස එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද ඔවුන් නිසා මැරිය හැක්කේද? නොහොත් ඔවුන් සෑහීමට පමුණුවන පිණිස මුහුදේ සියලු මත්ස්‍යයන් ඔවුන් උදෙසා රැස්කළ හැක්කේදැයි කීයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඔවුන් උදෙසා එළු බැටළු සහ ගව පට්ටි මැරුවොත්, ඔවුන්ට සෑහේ ද? එසේ නැත්නම් මුහුදේ මසුන් සියල්ල එකට එක්රැස් කළොත් ඔවුන්ට සෑහේ දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඔවුන් උදෙසා එළු බැටළු සහ ගව පට්ටි මැරුවොත්, ඔවුන්ට සෑහේ ද? එසේ නැත්නම් මුහුදේ මසුන් සියල්ල එකට එක්රැස් කළොත් ඔවුන්ට සෑහේ දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 11:22
11 හුවමාරු යොමු  

ගෝලයෝ උන්වහන්සේට කථාකොට: මෙපමණ මහත් සමූහයක් තෘප්තියට පමුණුවන්ට වනාන්තරයක අපට රොටි කොයින්දැයි කීවෝය.


එවිට රජු අත පිට හේත්තුවී සිටි අධිපති තෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ අහසේ කවුළු සෑදුවත් මේක සිද්ධවිය හැකිදැයි කීවේය. ඒක නුඹේ ඇස්වලින් දක්නෙහිය, නුමුත් එයින් නොකන්නෙහියයි ඔහු කීවේය.


යව රොටි පහක්ද කුඩා මසුන් දෙදෙනෙක්ද ඇති ළමයෙක් මෙහි සිටියි. නුමුත් මෙපමණ දෙනෙකුට ඒවා මොකක්දැයි කීවේය.


එවිට මරියා දේවදූතයාට කථාකොට: මා පුරුෂයෙකු නෑඳින සිටින බැවින්, මේක වෙන්නේ කෙසේදැයි කීවාය.


සෙකරියස්ද: මම මේක කුමකින් දැනගනිම්ද? මක්නිසාද මම මහල්ලෙක්ය, මාගේ භාර්යාවත් වයස්ගතයයි දේවදූතයාට කීවේය.


උන්වහන්සේගේ ගෝලයෝ උත්තරදෙමින්: මෙහි වනාන්තර ස්ථානයකදී මොවුන් කෑමෙන් තෘප්තිමත්කරන්ට කාට පුළුවන්දැයි උන්වහන්සේට කීවෝය.


නුමුත් උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි කීසේක. එවිට ඔව්හු: අප ගොස් මසු දෙසියයක රොටි මිලේටගෙන ඔවුන්ට කන්ට දෙන්ටදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


මේ මුළු සෙනඟට කන්ට මස් මට කොයින්ද? මක්නිසාද: අපට මස් කන්ට දෙන්නැයි කියා ඔව්හු අඬමින් මට කියති.


මෝසෙස් කියනුයේ: මා වෙත සිටින පයින් යන සෙනඟ සලක්ෂයක; එහෙත් මාසයක් මුළුල්ලෙහි ඔවුන්ට මස් කන්ට දෙන්නෙමියි ඔබ කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ හස්තය ලුහුඬුව තිබේද? මගේ වචනය ඉෂ්ටවේද නැද්ද කියා දැන් නුඹට පෙනේයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්