Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 10:34 - Sinhala Revised Old Version

34 ඔවුන් කඳවුරෙන් පිටත්වූ කල ස්වාමීන්වහන්සේගේ වලාකුළ දවාලේදී ඔවුන්ට උඩින් තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 ඔවුන් නික්ම යන සෑම විට ම සමිඳාණන් වහන්සේගේ වලාකුළ දවල් කාලයේ දී ඔවුන්ට ඉහළින් තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 ඔවුන් නික්ම යන සෑම විට ම සමිඳාණන් වහන්සේගේ වලාකුළ දවල් කාලයේ දී ඔවුන්ට ඉහළින් තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 10:34
7 හුවමාරු යොමු  

ඔබ දවල් වලා ටැඹකින්ද ඔවුන් යන මාර්ගයේදී ඔවුන්ට එළිය දෙන පිණිස රෑ ගිනි ටැඹකින්ද ඔවුන් ගෙනගියසේක.


ඔබගේ මහත් අනුකම්පාව නිසා ඔබ ඔවුන් කාන්තාරයෙහි අත් නොහැරියසේක. මාර්ගයේ ඔවුන් ගෙනගිය වලා ටැඹ දවාලේවත්, ඔවුන් යා යුතු මාර්ගයේදී ඔවුන්ට එළිය දුන් ගිනි ටැඹ රාත්‍රියේවත් ඔවුන් කෙරෙන් පහ නොවීය.


උන්වහන්සේ ආවරණය පිණිස වලාකුළක්ද රාත්‍රියේදී එළිය දීමට ගින්නක්ද විදහා තැබූසේක.


මක්නිසාද මණ්ඩපය උඩ දවාලේ ස්වාමීන්වහන්සේගේ වලාකුළද රාත්‍රියේ ගින්නද මුළු ඉශ්‍රායෙල් වංශයේ ඇස් ඉදිරියෙහි ඔවුන්ගේ සියලු ගමන්වලදී වූයේය.


තවද ගිවිසුම් පෙට්ටිය පිටත්වෙන කල මෝසෙස් කියනුයේ: ස්වාමීන්වහන්ස, නැගුටුණු මැනව, ඔබගේ සතුරෝ විසිරයෙත්වා; ඔබට වෛරවෙන්නෝද ඔබ ඉදිරියෙන් පලා යෙත්වයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්