Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 10:21 - Sinhala Revised Old Version

21 එවිට කොහාත්වරු පිටත්වී ශුද්ධස්ථානය උසුලාගන ගියෝය. ඔවුන් එනතුරු අනික් අය මණ්ඩපය පිහිටෙවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එවිට කොහාත්ගේ දරුපරපුර ශුද්ධස්ථානයේ පූජා භාණ්ඩ උසුලාගෙන නික්ම ගියහ. ඊළඟ කඳවුරට ඔවුන් පැමිණෙන විට මණ්ඩපය යළි ඉදි කොට තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එවිට කොහාත්ගේ දරුපරපුර ශුද්ධස්ථානයේ පූජා භාණ්ඩ උසුලාගෙන නික්ම ගියහ. ඊළඟ කඳවුරට ඔවුන් පැමිණෙන විට මණ්ඩපය යළි ඉදි කොට තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 10:21
11 හුවමාරු යොමු  

මණ්ඩපයද බානලද්දේය; එවිට මණ්ඩපය උසුලා ගෙනයන්නෝ වන ගේර්ෂොන්ගේ පුත්‍රයෝද මෙරාරීගේ පුත්‍රයෝද පිටත්ව ගියෝය.


එහෙත් කොහාත්ගේ පුත්‍රයන්ට ඔහු කිසිවක් දුන්නේ නැත. මක්නිසාද ඔවුන්ට තිබුණේ ශුද්ධස්ථානයේ වැඩය; ඔවුන් බර ගෙනයන්නේ කරෙන්ය.


එවිට දාවිත් කථාකොට: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ටත් සෑමකල්හිම උන්වහන්සේට සේවයකරන්ටත් ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ට ඔවුන්ට මිස වෙන කාටවත් යුතු නැතැයි කීවේය.


එහෙත් ඔව්හු නොනස්නා පිණිස මොහොතකටවත් ශුද්ධස්ථානය බලන්ට ඇතුල් නොවෙත්වයි කීසේක.


එවිට සම්මුඛවීමේ කූඩාරම කඳවුරුවලට මැදිව ලෙවීවරුන්ගේ කඳවුර සමඟ පිටත්ව යන්නේය. ඔව්හු කූඩාරම් ගසාගන්න පිළිවෙළටම තම තමුන්ගේ ස්ථානවල සිට තමුන්ගේ ධජවල හැටියට පිටත්ව යා යුතුය.


මණ්ඩපය ගෙනයන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක බාගන්නෝය. මණ්ඩපය පිහිටුවන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක පිහිටුවන්නෝය. අන්‍යයෙක් ළංවුණොත් ඔහු මරනු ලැබිය යුතුය.


ගාද් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා දෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ය.


ඔව්හු තමුන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියෝ වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක්කෙනෙක් එක්කෙනෙක් පාසා නම් වශයෙන් ගණන්කරනලද්දාවූ, ස්වාමීන්වහන්සේගේ ගෘහ සේවයේ වැඩේ කළාවූ ලෙවීගේ පුත්‍රයෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්