Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




කොලොස්සි 3:1 - Sinhala Revised Old Version

1 ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාගන්න. එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබූ බැවින්, දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුන් වහන්සේ වැඩ සිටින තැන ඇති, ලොව්තුරු දේ ප්‍රාර්ථනා කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 එබැවින්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔබත් නැගිටුවා ඇති බැවින්, දෙවියන්වහන්සේගේ දකුණු පස ක්‍රිස්තුස්වහන්සේ හිඳ සිටින තැන ඇති උසස් දෑ සොයන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබූ බැවින්, දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුන් වහන්සේ වැඩ සිටින තැන ඇති, ලොව්තුරු දේ ප්‍රාර්ථනා කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




කොලොස්සි 3:1
39 හුවමාරු යොමු  

මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.


නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.


ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.


පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න.


නුමුත් ස්වර්ගයෙහි නුඹලාට වස්තු රැස්කර තබා ගන්න; එහිදී කාවෝවත් මළකඩවත් ඒවා නාස්ති නොකරති, සොරු උමංකැන සොරා නොගනිති.


උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.


නුඹලා සන්තක දේ විකුණා දන් දෙන්න; පරණ නොවන පසුම්බිද නැති නොවන වස්තුවක්ද ස්වර්ගයෙහි නුඹලාට සපයාගන්න; එහි සොරෙක් ළංවන්නේවත් කාවෙක් කන්නේවත් නැත.


ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.


උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.


නුමුත් මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන්වහන්සේගේ පරාක්‍රමයේ දකුණු පැත්තේ වැඩහිඳිනවා ඇතැයි ඔවුන්ට කීසේක.


නුඹලා ලෝකයේ ගුරුකම් කෙරෙන් වෙන්ව ක්‍රිස්තුස්වහන්සේ සමඟ මැරුණහුනම්, ලෝකයෙහි ජීවත්වන්නාක් මෙන් මනුෂ්‍යයන්ගේ ශික්ෂා හා ධර්ම අනුව:


ඉතින් අප කියන දේවලින් ප්‍රධාන එක නම් ස්වර්ගවල මහෝත්තමයාණන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳගත්තාවූ,


මැරුණෙත්, ඒ ඇර මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවෙත්, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි සිට අප උදෙසා මැදහත්කම් කරන්නෙත් ක්‍රිස්තුස්වහන්සේය.


නුමුත් මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පුකොට, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.


යේසුස්වහන්සේද: නුඹ කීවෙහිය. තවද නුඹලාට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා පරාක්‍රමයේ දකුණු පැත්තේ වාඩිව හිඳිනවාත් අහසේ වලාකුල් පිට එනවාත් නුඹලා දකින්නහුයයි ඔහුට කීසේක.


බැස්සාවූ උන්වහන්සේ නම් සියල්ල පූර්ණකරන පිණිස සියලු ස්වර්ගවලින් ඉහළට නැගුණාවූ තැනන්වහන්සේමය.)


යේසුස්වහන්සේද: එසේය. තවද මනුෂ්‍ය පුත්‍රයා පරාක්‍රමයේ දකුණු පැත්තේ වැඩඉන්නවාත් අහසේ වලාකුල් පිරිවරාගන එනවාත් නුඹලා දකින්නහුයයි කීසේක.


නුමුත්: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි දේවදූතයන්ගෙන් කවරෙකුට කොයි කලක උන්වහන්සේ කීසේක්ද?


මක්නිසාද දාවිත් ස්වර්ගයට නැගුණේ නැත. නමුත් ඔහු කථා කොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක්


මක්නිසාද: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි


මෙසේ ස්වාමිවූ යේසුස්වහන්සේ ඔවුන්ට කථාකළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි වාඩිවූසේක.


දාවිත්ම ශුද්ධාත්මයාණන් කරණකොට කථාකරමින්: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කොට තබන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගනින්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි කීය.


උන්වහන්සේ ස්වර්ගයට ගොස් දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටිනසේක; දේවදූතයෝද බලයලත්තෝද පරාක්‍රමධාරීහුද උන්වහන්සේට යටත්කරනලද්දෝ වෙති.


නුමුත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව, ස්වර්ගය දෙස බලා, දෙවියන්වහන්සේගේ මහිමයත් දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ යේසුස්වහන්සේ නැගිට සිටිනවාත් දැක:


මා විසින් නුඹේ සතුරන් නුඹේ පාද යට දමන තෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳගන්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි කියමින්, උන්වහන්සේට ස්වාමීන්වහන්සේයයි කියන්නේ කෙලෙසද?


පහළින් තිබෙන ෂෙයෝලෙන් අහක්වෙන පිණිස නුවණින් හැසිරෙන්නා ඉදිරියෙහි ජීවිතයේ මාවත ඉහළට යන්නේය.


ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්ට කථාකොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරනතෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කීසේක


ප්‍රඥාවන්තයාගේ හෘදය ඔහුගේ දකුණු පැත්තෙහි තිබේ; නුමුත් අඥානයාගේ හෘදය ඔහුගේ වම් පැත්තෙහිය.


භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්